1980 ගනන් වල මම අහපු ආසම සිංදුවක් තමයි " We are the world " කියන එක. මම හිතන්නේ ඒක ගායක ගායිකාවන් ගොඩ දෙනෙක් එකතුවෙලා කරපු පලවෙනි සිංදුව වෙන්න ඇති. නැතනම් ජනප්‍රිය වෙච්ච පලවෙනි ඒ වගෙ සිංදුව වෙන්න ඇති. එකාට එකා මරාගන්න ඇමරිකවවේ showbiz වල කට්ටිය ඒ වගේ එදා එකතු උනෙ අප්‍රිකාවේ දුක් විඳින මිනිස්සු වෙනුවෙන්ලු. ඒකට මුල් උනෙ Michael Jackson, Lionel Richie සහ තව කවුරු හරි තව එක්කෙනෙක්(නම මතක නෑ). ඒ විස්තරය මෙතන.
කොහොම හරි පසුගිය දිනක ඒ ගීතය නැවත් ගායනා කෙරුනා. පලවෙනි පාර වගේම charity single එකක් වශයෙන් තමයි release කලේ. මේ පාර සංවිධායකයින්ගෙ අවධානය යොමු වෙලා තියෙන්නෙ හයිටි හි විපතට පත් වෙච්ච මිනිස්සු. මෙවර සහභාගි උනෙ නව පරපුරෙ ගායක ගායිකාවන් පිරිසක්. ඒ වගේම පසුගිය එක වගේම Lionel Richie සහ Michael Jackson ත් සහභාගි උනා. එහෙම කලේ Michael Jackson ගෙ පරණ clip එක නැවත දාලා. සම්පූර්ණ වීඩියෝව මෙතනින් බලන්න. ඒ එක්කම මේ යට තියෙන වීඩියෝ එකත් බලන්න. ඒ Jamie Foxx ඒ ගීතයේ intro එක ඉදිරිපත් කරන ආකාරයයි.
මේ දවස්වල මාර රස්නෙයි. මං මදුරුවො කනවට නෙට් එකක් දාගෙන නිදාගන්නෙ. තවත් රස්නෙයි. ඉතින් ඔය දෙකම එකතු උනාම නිදාගන්නෙ කොහොමද? fan එක කෙස් ගලවගෙන යන සයිස් එකට දැම්මත් අමාරුයි. මාරම රස්නයක්. හැබැයි ඉතින් සෙට්වෙලා ආපු දවසකට නම් කිසි ප්‍රශ්ණයක් නෑ. බබා වගේ නිදි. ඔය වගෙ මේ ලඟදි සෙට් වෙච්ච දවසක උදෙ නැගිටල බලපුවාම් ඇඳුම් පිටින්ම නිදි. අම්ම ඇවිල්ලා අහනවා "------- උඹ ඊයෙ ගෙදර ආවේ කොහොමද කියලා?" මම මතක් කලා මතක් කලා අම්මට ආපු හැටි කියන්න. ඒත් ඒ වෙලාවෙ මතක් උනේ නෑ :) . හැබැයි ඔහොම හැමදාම වෙන්නෙත් නෑ. එදා සුට්ටක් වැඩි වෙලා. මම නිදාගන්නෙත් අමුතු විදියකට(හැමෝම එහෙමද දන්නෙ නෑ) මට ඔලුවට කොට්ටයකුයි, කකුල් දෙක අස්සෙ ගහන්න තව කොට්ටයකුයි ඕනෙ. එහෙම කරන්නෙ පැත්තට හැරිලා නිදා ගන්නකොට කොන්දට එන ප්‍රෙෂර් එක අඩු කර ගන්න. පොඩි කාලෙ රගර් ගහල කොන්දෙ පොඩි අප්සෙට් එකක් තියෙනවා. හැබැයි ඒක තාම කෙලින්. ඒ වාගෙම තමයි රෑට සිංදු අහල headphone එක තියන්නත් ඇදෙ මම පොඩි ඉඩක් හදාගෙන ඉන්නෙ. කොච්චර නින්ද ගියත් කවදාවත් එක තියන තැනට අතවත් යන්නෙ නෑ. headphone එක කවදාවත් ඇඳෙන් වැටිලත් නෑ. එතනම තමයි මොබ
Comments
මම මේ සිංදුවේ කැමතිම කොටස තමයි Celine Dion ගායනා කරන, පසුබිමින් Orianthi ගිටාරය වයන කොටස. ඒ කෑල්ලෙ නං සිරාම ගතියක් තියෙනවා.