Skip to main content

We are the World ආයි කියනවා.

1980 ගනන් වල මම අහපු ආසම සිංදුවක් තමයි " We are the world " කියන එක. මම හිතන්නේ ඒක ගායක ගායිකාවන් ගොඩ දෙනෙක් එකතුවෙලා කරපු පලවෙනි සිංදුව වෙන්න ඇති. නැතනම් ජනප්‍රිය වෙච්ච පලවෙනි ඒ වගෙ සිංදුව වෙන්න ඇති. එකාට එකා මරාගන්න ඇමරිකවවේ showbiz වල කට්ටිය ඒ වගේ එදා එකතු උනෙ අප්‍රිකාවේ දුක් විඳින මිනිස්සු වෙනුවෙන්ලු. ඒකට මුල් උනෙ Michael Jackson, Lionel Richie සහ තව කවුරු හරි තව එක්කෙනෙක්(නම මතක නෑ). ඒ විස්තරය මෙතන.
කොහොම හරි පසුගිය දිනක ඒ ගීතය නැවත් ගායනා කෙරුනා. පලවෙනි පාර වගේම charity single එකක් වශයෙන් තමයි release කලේ. මේ පාර සංවිධායකයින්ගෙ අවධානය යොමු වෙලා තියෙන්නෙ හයිටි හි විපතට පත් වෙච්ච මිනිස්සු. මෙවර සහභාගි උනෙ නව පරපුරෙ ගායක ගායිකාවන් පිරිසක්. ඒ වගේම පසුගිය එක වගේම Lionel Richie සහ Michael Jackson ත් සහභාගි උනා. එහෙම කලේ Michael Jackson ගෙ පරණ clip එක නැවත දාලා. සම්පූර්ණ වීඩියෝව මෙතනින් බලන්න. ඒ එක්කම මේ යට තියෙන වීඩියෝ එකත් බලන්න. ඒ Jamie Foxx ඒ ගීතයේ intro එක ඉදිරිපත් කරන ආකාරයයි.



Comments

පැතා said…
කොල්ල පරන සිංදු අහනව වගේ
Indranama said…
ඒ. ආර්. රහ්මාන් මහත්තයටත් මේ සිංදුවේ පොඩි තැනක් ලැබිලා තියෙනව නේද :)

මම මේ සිංදුවේ කැමතිම කොටස තමයි Celine Dion ගායනා කරන, පසුබිමින් Orianthi ගිටාරය වයන කොටස. ඒ කෑල්ලෙ නං සිරාම ගතියක් තියෙනවා.
Unknown said…
@Pravin Indranama, රෙහෙමානුත් ඉන්නවද? මාත් ඒ කෑල්ලට ආසයි. ගිය පාර එකේ මේ කෑල්ල කිව්වෙ cyndi lauper. ඒකිත් ඒ පාට් එක හොඳට කරා.

Popular posts from this blog

Google Wave 16යි. ඒවා හරිම ලාබයි.

මට Google Wave එකක් හම්බඋනේ දැන මාසයකට විතර උඩදී. සුදාරක මල්ලී තමයි මට invitation එක එවලා තිබුනේ. ඉතින් මට ඕක ලැබිච්ච දවසෙ ඉඳන් මාත් බලන් ඉන්නෙ කාට හරි මගෙ ගානෙ invitation එකක් යවන්නෙ කොහොමද කියලා. මේ ලඟදි wave account එකට ලොග් වෙලා බලද්දී මටත් ඇවිල්ල තිබ්බා ඔය invitation යවන්න පුළුවන් කියන මැසේජ් එක. ඉතින් හරී.. සතුටුයි. ඉතින් ඕක දැක්ක වෙලේ ඉඳන් වටේටම කෝල් ගැහුවා. ඕනෙද කියල අහන්න. මම හිතුවෙ උණු කැවුම් වගෙ යයි කියලා. මොන, මුංගෙ ආඩම්බර. එකෙක්ටවත් එපාලු. එක්කො උන්ට හම්බ වෙලා. නැත්තම් එක එකා කියන ඒවා අහල දාලා බලන්නත් ඉස්සෙල්ලා එපාලු. කාට කියන්නද. තාම එකක්වත් දිගන්න බැරි උනා. facebook twitter වලටත් දැම්මා. ඒත් නෑ. ඉතින් බැරිම තැන තමයි මේ බ්ලොග් එකට දාන්න හිතුවෙ. අනේ කවුරු හරි ඕන එකෙක් ඉන්නවනම් මේල් එක දාලා කොමෙන්ට එකක් දාන්න ප්ලීස්. 8ම දෙනවා.   8යි නෙමෙයි 16යි(පස්සෙ දැක්කෙ).

කාලෙකට පස්සේ

කාලෙකට පස්සේ blog account  එක පැත්තෙ ආවෙ.   හරියටම කිව්වොත් අවු එකා මාරකින් විතර.   දැන් SBU එකෙත් නැති නිසා කවුරුත් මගේ එකා බලන්න එන්නෙත් නැනේ. මම හිතන්නේ blog post නැති නිසා මාව කපල දාලා. කමක් නෑ මොකෙක් හරි මේක දකිනෙ. මේ දවස් වල නම් ජිවිතේ අන්තිමට තිත්ත වෙලා ඉන්නේ.මෙලෝ රහක් නෑ.   කරදර පිට කරදර ඉවරයක් නෑ. ඒ මදිවට   ජොබ් එක නැතුව මාස ගානක් හිටියා. කොහොම හරි ගෙදර ප්‍රශ්නත් ටිකක් හරි ගියාට   පස්සේ අයෙට්ඔලුව හදාගෙන  ජොබ් එකක් කරන්න හිතුවා. හරි දැන් ඉතින් කොහොම හරි පරණ පුරුදු විදියට ජිඉවත් වෙන්න පටන් ගන්න ඕනේ.

දැන් blogger templete හදන්න පට්ට ලේසියි

දැන් blogger templete අපිටම කියල හදාගන්න පුළුවන්. මාර ලේසියි. දෙන්නෙත් blogger site එකෙන්ම තමයි. හැබැයි sighn in වෙන්න ඕනෙ blogger in draft account එකෙන්. හිතන්න දෙයක් නෑ. blogger account එකක් තියෙනවනම් නිකම්ම මේකට යන්න පුළුවන්. යන්න මෙතනින් . ඊට පස්සෙ Layout > Page Elements වලට. ගියහම ඇති Template Desighner කියල tab එකක්. යන්න ඒකට. ඊට පස්සෙ වෙන දේ මම ලියල කියනවට වඩා මේ වීඩියොව බැලුවම ලේසියෙන් දැන ගන්න පුළුවන්. මට නම මාර happy. මම උග්‍ර blogger fan කෙනෙක්. හැබැයි තාම අත්හද බලන්න බැරි උනා. මාර busy. 7455