Skip to main content

අවුරුද්දට කුරුළු කූඩුවක්

මේ පාර ගෙදර දවස් දෙක තුනක් හිටපු හින්ද දන්නෙ. අපෙ වත්තෙ ළිඳ ගාවම තියෙන මල් පඳුරක කොන්ඩ කුරුල්ලෙක් කූඩුවක් හදල. පුදුමෙ කියන්නෙ පඳුර ඇති මගෙ උස විතර. කූඩුව මගෙ ඉනේ ගානට විතර තියෙන්නෙ. අවුරුද්ද දවසෙ බලද්දි මේකෙ පැටව් දෙන්නෙක් ඉන්නව. මාරයි මම ඔය දැක්කමයි. බලන්න මේ තියෙන පිංතූර දිහා. මේ දවස්වල අම්බානෙක වහින හින්ද උඩින් ඉටි කොල කෑල්ලක් දාලා වහල දැම්මා. හැබැයි වැස්ස හොඳයි. අමාරුම අපෙ ගෙවල් වල ඉන්න පොඩි උන්ගෙන් මේක බේර ගන්න. උන්ගෙ වැඩේම මේක වටෙ කැරකෙන එක.

 ඔය රවුමක් ඇඳලා තියෙන හරියෙ තමයි කූඩුව තියෙන්නෙ.
(හැබැයි ඔය ළිඳ වැඩිය පාවිච්චි වෙන්නෙ නෑ)

 මෙන්න පැටවු දෙන්නා.

7975

Comments

Popular posts from this blog

නාවික හමුදාව මහනුවර වනසයි.

මෙන්න unbeaten kandy team එක අපෙ navy එකෙ කොල්ලො beat කරලා. ලකුණු තත්වය 13ට 14යි. මට නම් මතක ඇති කාලෙක kandy පැරදුනාමයි. අවුරුදු ගානක ඉඳන් ලංකාවේ champion ල නෙ. ඉතින් පොඩ්ඩක් උඩින් තමයි kandy team එකෙ කට්ටිය යන්නෙ එන්නෙ. උන්ගෙ සපෝටර්ල ඊට හපන්. navy team එක මේ ඊයෙ පෙරෙද වෙනකම් මෙලො රහක් නැතිව හිටියෙ. ඒත් ජනාධිපතිතුමාගේ දෙවැනි පුතා, යෝෂිත ඒ කණ්ඩායමට එකතු වුනත් එක්කම ටීම් එකට අලුත් players ටිකක් සෙට් කරගෙන දැන් අලුත් විදියකට කරගෙන යනවා. ඒ අතර ඉස්සර cr එකේ ගැහුව දේව් ආනන්ද් විශේෂයි. ඊයෙත් දේව්ගෙ drop cicks තමයි ජයග්‍රහණයට ගොඩක් බලපෑවේ. නාමලුත් විනාඩි 10ක් විතර play කරා. ඉතින් ගොඩක් අය හිතන් හිටියා නාමල්ලා ගහන හින්ද රෙෆා ඒ පැත්තට අදින්න ඇති කියල. අනෙ මම මැච් එක ඉවරවෙනකම්ම බැලුවා එහෙම කිසිම දෙයක් වුනේ නෑ. navy team එකේ prominence වලින්ම තමයි මැච් එක ගහ ගත්තෙ. ඒ ගැන නම් කිසිම කතාවක් නෑ. මොනා නමුත් හොඳ මැච් එකක්නම් බැලුවා. හැබැයි දෙපැත්තෙම මාර මිස්ටේක් වැඩියි.  ground එකේ පොඩ්ඩක් තෙත ගතියකුත් තිබ්බා. හැමදාම එකම team එකක් දිනන්නෙ නැතිව මේ වගේ තියනවනම් හොඳයි කියල තමයි මට හිතෙන්නෙ. 8618

ජපන් පාඩම 1 - ජපන් අක්ෂර.

(මා මගේ ප්‍රථම සටහනින් සඳහන් කළ ආකාරයට මෙම බ්ලොගය තුළින් මට වේලාවක් ලැබෙන ආකාරයට මා සතු ජපන් භාෂාව පිළිබඳව ඇති දැනුම ඔබ කාඅතරත් බෙදා හදා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිමි. ඉතින් මේ ඉන් පළමු සටහනයි.) ජපන් අක්ෂර. ජපන් භාෂාව ඈත අතීතයේදී චීනයේ සිට චීන භාෂාවෙන් පැවත ආ බව සැලකේ. තවමත් චීන අක්ෂර තරමක් වෙනස් වී කන්ජි අක්ෂර(Kanji) ලෙස ජපන් භාෂාවේ භාවිතයේ ඇත. ඊට අමතරව හිරගනා(Hiragana) සහ කතකනා(Katakana) යන අක්ෂරද, භාවිතා කරයි. කන්ජී : සාම්ප්‍රදායික ජපන් වචන ලිවීමට භාවිතා කරයි.බොහෝ විට එක කන්ජියකින් එක වචනයක තේරුමක් ඇත. මෙවැනි කන්ජි 50,000 ක් පමණ ඇතිමුත් සාමාන්‍යයෙන් ඉන් කන්ජි 10,000ක් පමණ භාවිතා කරයි. මීට අමතරව ජපන් රජය විසින් මුද්‍රිත මාධ්‍යවල භාවිතය සඳහා අකුරු 1945 ක් නම් කරන ලදී. මේවා ජෝයෝ කන්ජි ලෙස හඳුන්වයි. හිරඟනා : ජපන් භාෂාවට ආවේනික වචන ලිවීමට මෙය භාවිතා කරයි. කන්ජි වල ශබ්දයද මෙමඟින් ලියා දක්වයි. මෙය අකුරු 46න් සමන්විත වන අතර එක් අකුරකින් එක් ශබ්දයක් පමණක් උපද්දවයි. කතකනා : ජපන් භාෂාවට වෙනත් විදේශීය භාෂා වලින් පැමිනි වචන සහ නම් කතකනා අක්ෂර වලින් ලියයි. මෙයද අකුරු 46න් සමන්විත වේ. * ජපන් බස ඉග...

iphone පෝලිම

iphone3G මෙ මස 11දා නිකුත් වීමට නියමිතයි. වැඩ ගොඩක් සමඟ ඇදහිය නොහැකි මිලකට එන මේ සුරතල් භාණ්ඩය උණු කැවුම් වගේ විකිනීයාමට නියමිතයි. ඒ සඳහා පාරිභෝගිකයින් දැන්මම පෝලිම් ගැහෙමින් සිටිනවා. මේ පින්තූරවල ඉන්නේ ඒ සමහරක්. මේ ජපානයේ තෝකියෝ නුවර පෝලිමක්. ඉහත ඇත්තේ ඇමරිකාවේ නිවයෝක් නුවර පෝලිමක්. ( Engadget ඇසුරෙනි) (පසුව [ඉතා දුකෙන්] ලියමි) මමත් ආසාවෙන් ඉන්නේ iphone 3G එකක් ගන්න. ඒත් තාම ලංකාවට එන දවසක් නම් දන්නේ නෑ. මේ දවස්වල අතේ කෑෂුත් ටිකක් හිඟයි.