Skip to main content

(චිත්‍රපටියක විස්තර) Invictus - ගන්න නායකත්වය

මම ආසම චිත්‍රපටි අධ්‍යක්ෂකවරයා Clint Eastwood මහත්මයා. එයා ඒ දවස්වල රඟපෑම විතරයි කලෙ (for few more dollars එකෙත් dirty hary එකේ රඟපෑවෙත් ඔහු) ඒත් දැන්නම් ඔහු අධ්‍යක්ෂණය තමා වැඩිපුර කරන්නෙ. ඔහු ඔහුගෙ නිර්මාණ වලින් ඇමරිකානු සමාජයට විහිළු කරනවා වගෙ හැඟීමක් තමයි මට තියෙන්නෙ. මම සාමන්‍යයෙන් එයාගේ film එකක් ආවම කොහොම හරි ෆලෝ කරල බලනවා. එහෙම එලවල බලපු මම වඩාත්ම කැමති  film එකක් තමයි Million Dollar Baby කියන film එක. ඒක තමයි මම වැඩියෙන්ම බලපු චිත්‍රපටිය. මට මතක විදියට 8 පාරක්.

ඉතින් ක්ලින්ට් මහතාගේ අලුත්ම film එක (අලුත් කිව්වට 2009. ටොරන්ට් වලට අලුත්) තමයි "Invictus" . මෙහි ක්ලින්ට් ගෙ සහයකයා Morgan Freeman සහ Matt Damon ප්‍රධාන චරිත රඟපානවා. මම නම් මේ දෙන්නව එකට දැක්කමයි. ඔවුන් දෙදෙනා නිරූපණය කරන්නෙත් එසෙ මෙසේ දෙන්නෙක්ව නෙමේ. Nelson Mandela සහ Francois Pienaar ව. Francois කියන්නෙ දකුණු අප්‍රිකාවේ රග්බි කණ්ඩායමේ හිටපු නායකයෙක්. මේකෙ තියෙන්නෙ මේ දෙන්නගෙ සහයෝගයෙන් දකුණු අප්‍රිකාව 1995 රග්බි ලෝක කුසලානය දිනපු විස්තරය. එහෙම කිව්වට එහෙමත්ම නෙමේද මන්ද. මට අන්තිමට හිතුනෙ මේ මුළු කතාවෙන්ම කියවෙන්නෙ නායකත්වය ගැන කියල.

කතාව පටන්ගන්නෙ මැන්ඩෙලා ජනාධිපතිවරණය දිනපු අලුත විස්තරයත් සමඟ. ඒ වෙනකොට දකුණු අප්‍රිකානු රග්බි කණ්ඩායම වටෙන්ම කන කාලෙ. ඉතින් අප්‍රිකානුවන්ට රග්බි අරහන් කලෙක නායකය තමයි ෆ්‍රන්සුවා කණ්ඩායමට නායකත්වය දෙන්නෙ. අනිත් අතින් මැණ්ඩෙලාගෙ පාලනය ගැන මුළු ලෝකයම ඇහැ ගහගෙන ඉන්න කාලෙ. විශේෂයෙන්ම සුදු අප්‍රිකානුවො. බලන් ගියාම ඔවුන් දෙදෙනාම ඉන්නෙ එකම බෝට්ටුවෙ. කතාව පුරා තිබෙන අයුරු මේ දෙන්නම නියම නායකත්වයත් සමඟ භාදක වලින් ජය ගන්න විදිය ඉතා හැඟිම්බරව ප්‍රකාශ කර සිටිනවා. ඒකට රග්බි ක්‍රිඩාව ඔවුන්ට උදව් වෙනවා.

අන්තිමට  කතාව, හොඳ අධ්‍යක්ෂනය වගේම අතිවිශිෂ්ඨ රඟපෑම කියන ඔක්කොම එකතු වෙලා හොඳ සිනමා නිර්මාණයක් හැදිල තියෙනවා. ඊට නිර්දේශ වූ හා ලබා ගැනීමට හැකි වූ සම්මානවල විස්තරය මෙතනින් බලන්න. බලන්න ආසයිනම් ටොරන්ට් බාගන්න මෙතනට යන්න. trailer එක බලන්න මෙතනට යන්න.


7835

Comments

Grey said…
I watched this few months ago. Nice movie.
මොකක්ද මේ මහත්තයා කෑල්ල. ක්ලින්ට් ඊස්ට්වුඩ් කියන්නෙ, ක්ලින්ට් ඊස්ට්වුඩ්.

අනේවාසික
Unknown said…
මහත්තයා කියල දැම්මෙ මම එයාට ගරු කරන හින්ද. හරියට අමරදේව මහත්තයා, කේමදාස මහත්තයා ලෙස්ටර් මහත්තයා හරි කියනව වගෙ.
Anju said…
lassana film ekak..mamath meaka balala thiyanawa..

Popular posts from this blog

Google Wave 16යි. ඒවා හරිම ලාබයි.

මට Google Wave එකක් හම්බඋනේ දැන මාසයකට විතර උඩදී. සුදාරක මල්ලී තමයි මට invitation එක එවලා තිබුනේ. ඉතින් මට ඕක ලැබිච්ච දවසෙ ඉඳන් මාත් බලන් ඉන්නෙ කාට හරි මගෙ ගානෙ invitation එකක් යවන්නෙ කොහොමද කියලා. මේ ලඟදි wave account එකට ලොග් වෙලා බලද්දී මටත් ඇවිල්ල තිබ්බා ඔය invitation යවන්න පුළුවන් කියන මැසේජ් එක. ඉතින් හරී.. සතුටුයි. ඉතින් ඕක දැක්ක වෙලේ ඉඳන් වටේටම කෝල් ගැහුවා. ඕනෙද කියල අහන්න. මම හිතුවෙ උණු කැවුම් වගෙ යයි කියලා. මොන, මුංගෙ ආඩම්බර. එකෙක්ටවත් එපාලු. එක්කො උන්ට හම්බ වෙලා. නැත්තම් එක එකා කියන ඒවා අහල දාලා බලන්නත් ඉස්සෙල්ලා එපාලු. කාට කියන්නද. තාම එකක්වත් දිගන්න බැරි උනා. facebook twitter වලටත් දැම්මා. ඒත් නෑ. ඉතින් බැරිම තැන තමයි මේ බ්ලොග් එකට දාන්න හිතුවෙ. අනේ කවුරු හරි ඕන එකෙක් ඉන්නවනම් මේල් එක දාලා කොමෙන්ට එකක් දාන්න ප්ලීස්. 8ම දෙනවා.   8යි නෙමෙයි 16යි(පස්සෙ දැක්කෙ).

කාලෙකට පස්සේ

කාලෙකට පස්සේ blog account  එක පැත්තෙ ආවෙ.   හරියටම කිව්වොත් අවු එකා මාරකින් විතර.   දැන් SBU එකෙත් නැති නිසා කවුරුත් මගේ එකා බලන්න එන්නෙත් නැනේ. මම හිතන්නේ blog post නැති නිසා මාව කපල දාලා. කමක් නෑ මොකෙක් හරි මේක දකිනෙ. මේ දවස් වල නම් ජිවිතේ අන්තිමට තිත්ත වෙලා ඉන්නේ.මෙලෝ රහක් නෑ.   කරදර පිට කරදර ඉවරයක් නෑ. ඒ මදිවට   ජොබ් එක නැතුව මාස ගානක් හිටියා. කොහොම හරි ගෙදර ප්‍රශ්නත් ටිකක් හරි ගියාට   පස්සේ අයෙට්ඔලුව හදාගෙන  ජොබ් එකක් කරන්න හිතුවා. හරි දැන් ඉතින් කොහොම හරි පරණ පුරුදු විදියට ජිඉවත් වෙන්න පටන් ගන්න ඕනේ.

නාවික හමුදාව මහනුවර වනසයි.

මෙන්න unbeaten kandy team එක අපෙ navy එකෙ කොල්ලො beat කරලා. ලකුණු තත්වය 13ට 14යි. මට නම් මතක ඇති කාලෙක kandy පැරදුනාමයි. අවුරුදු ගානක ඉඳන් ලංකාවේ champion ල නෙ. ඉතින් පොඩ්ඩක් උඩින් තමයි kandy team එකෙ කට්ටිය යන්නෙ එන්නෙ. උන්ගෙ සපෝටර්ල ඊට හපන්. navy team එක මේ ඊයෙ පෙරෙද වෙනකම් මෙලො රහක් නැතිව හිටියෙ. ඒත් ජනාධිපතිතුමාගේ දෙවැනි පුතා, යෝෂිත ඒ කණ්ඩායමට එකතු වුනත් එක්කම ටීම් එකට අලුත් players ටිකක් සෙට් කරගෙන දැන් අලුත් විදියකට කරගෙන යනවා. ඒ අතර ඉස්සර cr එකේ ගැහුව දේව් ආනන්ද් විශේෂයි. ඊයෙත් දේව්ගෙ drop cicks තමයි ජයග්‍රහණයට ගොඩක් බලපෑවේ. නාමලුත් විනාඩි 10ක් විතර play කරා. ඉතින් ගොඩක් අය හිතන් හිටියා නාමල්ලා ගහන හින්ද රෙෆා ඒ පැත්තට අදින්න ඇති කියල. අනෙ මම මැච් එක ඉවරවෙනකම්ම බැලුවා එහෙම කිසිම දෙයක් වුනේ නෑ. navy team එකේ prominence වලින්ම තමයි මැච් එක ගහ ගත්තෙ. ඒ ගැන නම් කිසිම කතාවක් නෑ. මොනා නමුත් හොඳ මැච් එකක්නම් බැලුවා. හැබැයි දෙපැත්තෙම මාර මිස්ටේක් වැඩියි.  ground එකේ පොඩ්ඩක් තෙත ගතියකුත් තිබ්බා. හැමදාම එකම team එකක් දිනන්නෙ නැතිව මේ වගේ තියනවනම් හොඳයි කියල තමයි මට හිතෙන්නෙ. 8618