Skip to main content

magic වගෙ cricket

අපේ උන් ගහන කාලෙකින් බලපු හොඳම මැච් එක. දෙපැත්තට පැද්දි පැද්දි තිබිලා නොහිතපු විදියට අපේ උන් කරකෝපු ලස්සන. මාරයි. නිදාමරාගෙන බැලුවා. බලලා ඉවර වෙලා ඇඳට ගියාම නින්ද ගියෙත් නෑ. ඇයි මුළු ඇඟම ගැහෙනවා වගෙ. මාර kick එකක් තිබ්බෙ. අපරාදේ 10ට හරි තනියෙන් ගහන්න පුළුවන් තත්වෙක හිටියෙ.ඒ මදිවට අපෙ පැත්තෙ උන් ඒ මහ රෑ දාපිය චීන පටස්. යකො අවුරුද්ද පහුවෙලා මාසයක් විතර වෙනවා. මුං කොහෙ හංගගෙන හිටපුවද මංද.
දකින දකින මනුස්සයා කතා කරන්නෙ අද මැච් එක ගැන. හරියට අර ජනාධිපතිවරණය කාලෙ sf ද? mr ද? කියල හැමෝම අහන්නෙ, අන්න ඒ වගෙ. කියන කතා ඇහුවාම ඇඟෙ මයිල් කෙලින් වෙන්න. ඕක හදිසියෙ පැරදුනාම් එහෙම....
කොට කොට හිටපු සංගා, දිල්ෂාන්, මැතිවුස්, කපුගෙදර ලකුණු අතරට, අලුතෙන් ආපු බෝලර් ගෙ යෝකර්ස්, ඉන්දියාවෙ අන්තිම ඕවර දහයේ අඩු ලකුණු, මේවා තමයි හේතු. ඕවත් එක්කම luck එකත් ටිකක් තියෙන්න ඕනෙ. සංගයි මැතිවුසුයි හිර වෙලා ඉඳල ඉඳල එකපාරට වනන්න ගත්තෙ නිකං හරියට වාහනේක ගියර් මාරු කරනවා වගෙ. වේලාවට ගහන ගහන එක හරි ගියා. තාක්ෂණය වගේම ඉතින් luck එකත් ටිකක් ඕන වෙන්නෙ ඔය වගෙ වෙලාවට. මම හිතුවෙ යාන්තම් 144 පහුකරගනියි කියල. ඒත් කොහෙද අරුං දෙන්නා මාර යක්කු දෙන්නෙක්නෙ. මුංට වැරදිලා Jamaican ග්‍රාස් ටිකක්වත් ‍පෙවුනද මංද? 
ඊළඟට ඉන්නෙ එන්ගලන්තය. ලේසි නෑ. full ෆෝම් එකේ ඉන්නෙ. හැබැයි ඉතින් අපෙ කොල්ලොත් ඉන්නෙ ෆුල්ම ෆෝම් එකෙ තමයි. හොඳ මැච් එකක් නම් බලාගන්න පුළුවන් වෙයි sure.

8146

Comments

budhajeewa said…
ඒක නං උපරිම මැච් එකක්!
Shirosh said…
එළම මැච් එකක්! ෂිඃ මට කපූගේ අන්තිම හයේ පාරවල් ටික බලාගන්න බැරි වුණානේ!
හෙළයා said…
අපරාදේ මම බැලුවේ නෑනෙ.
:(
(ඒකමද දන්නේ නෑ ගැහුවේ)
Dinesh_Silva said…
මන් නම් හිතන්නේ අපි දිනපු තරඟ වලින් හොඳම තරඟය මේක. කපුවයි සංගයි ඇන්ජලෝ යි නියමටම කරා. ඒ වගේම තමයි තිසර පෙරේරා මාලින්ග සුරාජ් හොඳට බෝල් කරා.
Unknown said…
@budhajeewa & Dinesh_Silva, ඇත්ත.

@Shiroshan Randika & @හෙළයා, අපරාදෙ ඔය වගෙ මැච් අවු 10ට එකක් වගෙ තමයි එන්නෙ.

මෙච්චර හොඳ මැච් එකකට පස්සෙ ඊයෙ තිබ්බ මැච් එකෙන් අපි නොහිතපු විදියට පරාද උනා. මොනව කරන්නද ඔහොම තමයි ජීවිතෙ හැටි. ඒ වගේම එංගලන්ත කන්ඩායම හොඳට සෙල්ලම් කලා.