මෙන්න unbeaten kandy team එක අපෙ navy එකෙ කොල්ලො beat කරලා. ලකුණු තත්වය 13ට 14යි. මට නම් මතක ඇති කාලෙක kandy පැරදුනාමයි. අවුරුදු ගානක ඉඳන් ලංකාවේ champion ල නෙ. ඉතින් පොඩ්ඩක් උඩින් තමයි kandy team එකෙ කට්ටිය යන්නෙ එන්නෙ. උන්ගෙ සපෝටර්ල ඊට හපන්.
navy team එක මේ ඊයෙ පෙරෙද වෙනකම් මෙලො රහක් නැතිව හිටියෙ. ඒත් ජනාධිපතිතුමාගේ දෙවැනි පුතා, යෝෂිත ඒ කණ්ඩායමට එකතු වුනත් එක්කම ටීම් එකට අලුත් players ටිකක් සෙට් කරගෙන දැන් අලුත් විදියකට කරගෙන යනවා. ඒ අතර ඉස්සර cr එකේ ගැහුව දේව් ආනන්ද් විශේෂයි. ඊයෙත් දේව්ගෙ drop cicks තමයි ජයග්රහණයට ගොඩක් බලපෑවේ. නාමලුත් විනාඩි 10ක් විතර play කරා. ඉතින් ගොඩක් අය හිතන් හිටියා නාමල්ලා ගහන හින්ද රෙෆා ඒ පැත්තට අදින්න ඇති කියල. අනෙ මම මැච් එක ඉවරවෙනකම්ම බැලුවා එහෙම කිසිම දෙයක් වුනේ නෑ. navy team එකේ prominence වලින්ම තමයි මැච් එක ගහ ගත්තෙ. ඒ ගැන නම් කිසිම කතාවක් නෑ.
මොනා නමුත් හොඳ මැච් එකක්නම් බැලුවා. හැබැයි දෙපැත්තෙම මාර මිස්ටේක් වැඩියි. ground එකේ පොඩ්ඩක් තෙත ගතියකුත් තිබ්බා. හැමදාම එකම team එකක් දිනන්නෙ නැතිව මේ වගේ තියනවනම් හොඳයි කියල තමයි මට හිතෙන්නෙ.
8618
Comments
පසුලිපි: මතක විදිහට පුහුණුකරුත් නුවර
KAS කියන කාරනය කැන්ඩි ටීම් එකටත් අදාලයි. කොළඹ ක්රීඩකයෝ කීදෙනෙක් ඔය ටීම් එකෙ ඉන්නවද. වල්පොල, මල්ලිකාරච්චි, සංජීව ජයසිංහ වගෙ කට්ටිය. සංජීව අවුරුදු කීපයක් කැප්ටන් කරේ. නුවර නායකත්වයට සුදුසු කවුරුත් නැති නිසාද? එහෙනම් කොළඹින් ගන්නෙ නැතුව කැන්ඩිට ගහගන්න බෑ කියලත් කියන්න පුළුවන්නෙ. ඒ හින්දා ඒකට බොරුවට ආඩම්බර වෙලා වැඩක් නෑ.
ලංකාවේ හැම ටීම් එකකම තත්වෙ ඕක තමයි. ඕක නේවි එකෙ විතරක් වෙච්ච දෙයක් නෙමෙනේ.අනිත් එක බිලාල් හසන් ගැහුවෙ රෝයල් එකෙනෙ.
අනික මම බොරුවට ආඩම්බර කතා කිව්වේ නැහැ. නුවර රග්බි හොද වෙලා තියෙන්නේ කොළඹ අය නිසාම නෙවෙයි.
ඒකට හේතුව කොළඹින් පිට තියෙන එකම A Division ක්ලබ් එක නුවර වීමයි. කොළඹදි තියෙන පාසැල් කීපයේ ක්රීඩකයෝ ක්රීඩා සමාජ 6 කට විතර බෙදිල යනවා, ඒත් නුවරදි මුළු නුවරම තියෙන පාසල් වල ක්රීඩකයෝ එක තැනකට එනවා. ඔය කොළඹ ක්ලබ් වල ගහන ගොඩක් අය නුවරදී ප්ලේස් නැති නිසා කොළඹට එන අය. මොකද නුවර තැනක් තියෙනවනම් කව්රුත් කොළඹ එන්නේ නැහැ, එකක් ගෙවීම් හොද නිසා අනික අනිත් ප්රතිලාභ කොළඹ ක්ලබ් වලට වඩා හොද නිසා.
කොළඹන් නුවරට එන්නේ ඒ කන්ඩායම් වල ඉන්න හොදම අය හේතුව ආයෙත් ගෙවීම්.
මම ඇත්තටම කැමතියි නේවි එක මේ තරගය දින්නට, දැන් තරගයක් තියෙනවා, නැත්නම් වෙන්නේ හැමදාම නුවර ටීම් එක තරගාවලියේ මැදට යනකොට කප් එක දිනලා ඉවරයි. ගිය අවුරුද්දේ කැන්ඩි නේවි එකට පැරදුනත් ඒ දෙවන අධියරේ නිසා වැඩක් වුනේ නැහැ.