Skip to main content

iifa mtch බලන්න ගිහිල්ලා

නිකන් ටිකට් හම්බ වුනා. යන්නත් කම්මැලියි. බලන්න තියෙන්නෙ ssc එකේ තණකොල බිස්සෙ වෙන්න ඇති කියල හිතන් ගියෙ. ගිහිල්ලා බැරිනම් vip box එකක. පිස්සු හැදෙනවා. අපේ ක්‍රිකට් ටීම් එකෙ කස්ටියගෙ වයිෆ්ල දෙන්නෙක් තුන්දෙනෙකුත් හිටියා එතන. office වැඩ කරන ගමන් ගිය නිසා හොඳට ඇඳගෙන ගියෙත් නෑ. අපරාදේ.

 
match එකත් ෂේප් එකෙ පටන් ගත්තා. stars ල වැහි වැහැලා. ඇතුලට ගියා විතරයි බිපාෂා බාසුයි තව කවුද මංද එකෙකුයි ඇඟේ ගෑවි නොගෙවී ගියා. මේ පැත්ත බලලා අර පැත්ත බලනකොට star කෙනෙක්. අපෙ උන් නෙමෙ bollywood උන්. ඒ ගොල්ලව නම් මට වැඩිය ප්‍රියක් නෑ. ඒත් ඉතින් ඉබේම බැලෙනවා. glamorous අතින් උපරිම. vip හින්ද බුෆේ එකකුත් සෙට් කරල තිබ්බා. හප්පේ අපෙ vip ල කෑමට පොරකන විදිහ. හරිම කැතයි. මේ බලන්න. හත් අවුරද්දකින් කාලා නෑ වගේ.


කාලා බීල ටිකක් නිවි සැනසිල්ලෙ ඉඳ ගත්තා match එක ටිකක් බලන්න. මොන මැච් බැලලිද. හරියට ඩිව්‍ය ලෝකෙ ගියා වගෙ. ඉන්දියාවෙ නිකං කෑලිත් stars ල වගේනෙ. යෝගට් පාටයි. උන්ට hindi stars ල දැක්කම නිකං අමුතු රෝගයක් හැදෙනවා. පුටු උඩ පවා නගිනවා.


ඒ අස්සෙන් අපෙ ක්‍රිකටර්ස්ල කිහිප දෙනෙකුත් එහෙට මෙහෙට කැරකෙනවා. ඒ ගොල්ලා මාරයි. ෆෝන් එක කනේමයි. ඒ අස්සෙන් මෙන්න අපේ mad max අරවින්දත් ඉන්නවා. ටක් ගාලා කතා කරල ෆොටො එකක් ගහගත්තා. අපරාදෙ කියන්න බෑ කතාකරපු ගමන් ආවා කිසිම ආඩ්ම්බරකමක් නෑ.මෙන්න යකෝ නාමලුත් ඉන්නවා.


එහෙට මෙහෙට කැරකිලා පාං කියගන්න බැරිව හිටියෙ. ඉතින් ආයි පාරක් කෑවා. දෙවෙනි මැච් එකත් බෙලුවා. 6ට විතර office එකෙ තව වැඩක් තිබ්බ හින්දා ඉක්මනට ආවා. අපෙ stars ලවයි bollywood stras ලවයි ඇත්තට දැක්ක එක ඇරෙන්න ඉතින් වෙන කියන්න මුකුත් නෑ. ඒකෙත් අමුතු කික් එකක් තියෙනව නෙ.


8296

Comments

නියම චාන්ස් එකක් තමා අයියා ඔයාට හම්බෙලා තියෙන්නේ. අපි නම් ගෙදරට වෙලා තමයි බැලුවේ :)
kumaraya said…
හ්ම් .. හ්ම් .. ඒක තමා ... පූරුවෙ කළ පින් අපිට කොයින්දා කිව්වලු ...
පැතා said…
නියනයි ආ................ එල එල
දුකා said…
මදැයි ඔයින් ගියා . .. අතක් පයක් නොකැඩී අහ් නෑ නෑ මදැයි ඔයින් ගියා අල්ලපු රටේ තරුවක් කිහිල්ලේ ගහගෙන ගෙදර නෑවිත් . . හි හි . .

එල මචන් උඹ ඔඅක බලනන් ගිය නිසානේ අපිට මේ පෝස්ට් එක කියවන්න ලැබුනේ ..
Unknown said…
@Hasitha,පැතා & kumaraya කියලා වැඩක් නෑ. @දුකා. මම ඉතින් ලජ්ජ බයට හැදිච්ච කොල්ලා නිසා බේරිල ආවා බං.
best ptc said…
http://lanka-rajawasala.blogspot.com/
best ptc said…
http://lanka-rajawasala.blogspot.com/

Popular posts from this blog

Google Wave 16යි. ඒවා හරිම ලාබයි.

මට Google Wave එකක් හම්බඋනේ දැන මාසයකට විතර උඩදී. සුදාරක මල්ලී තමයි මට invitation එක එවලා තිබුනේ. ඉතින් මට ඕක ලැබිච්ච දවසෙ ඉඳන් මාත් බලන් ඉන්නෙ කාට හරි මගෙ ගානෙ invitation එකක් යවන්නෙ කොහොමද කියලා. මේ ලඟදි wave account එකට ලොග් වෙලා බලද්දී මටත් ඇවිල්ල තිබ්බා ඔය invitation යවන්න පුළුවන් කියන මැසේජ් එක. ඉතින් හරී.. සතුටුයි. ඉතින් ඕක දැක්ක වෙලේ ඉඳන් වටේටම කෝල් ගැහුවා. ඕනෙද කියල අහන්න. මම හිතුවෙ උණු කැවුම් වගෙ යයි කියලා. මොන, මුංගෙ ආඩම්බර. එකෙක්ටවත් එපාලු. එක්කො උන්ට හම්බ වෙලා. නැත්තම් එක එකා කියන ඒවා අහල දාලා බලන්නත් ඉස්සෙල්ලා එපාලු. කාට කියන්නද. තාම එකක්වත් දිගන්න බැරි උනා. facebook twitter වලටත් දැම්මා. ඒත් නෑ. ඉතින් බැරිම තැන තමයි මේ බ්ලොග් එකට දාන්න හිතුවෙ. අනේ කවුරු හරි ඕන එකෙක් ඉන්නවනම් මේල් එක දාලා කොමෙන්ට එකක් දාන්න ප්ලීස්. 8ම දෙනවා.   8යි නෙමෙයි 16යි(පස්සෙ දැක්කෙ).

මැයි 25 සහ 18

මැයි මාසය මගේ ජීවිතයට ඉතා වැදගත් මාසයක්. ප්‍රධාන හේතුවනම්, මගෙ උපන් දිනය මැයි 25 වන දින වීම්. (ඒ කියන්නෙ ඊයෙ. දැන් මට 31 යි) දෙවන කාරනය තමයි මැයි 18. මැයි 18 කියපුවහම ලොකු කුඩා ඕන කෙනෙක් දන්නවා ඒ දවසේ වැදගත්කම. ඒ අපේ මාතෘභූමිය නිදහස් වූ දිනය( මම නම් දකින්නේ ඒ විදියට). නමුත් මට නම් මැයි 18 දිනට තවත් විශේෂ කාරණයක් යෙදී තිබෙනවා. ඒ තමයි මම විවාහ වූ දිනය. මේ අවුරුද්දේ අපි සැමරුවේ අපේ තෙවන සංවස්තරය. විවාහය සිදුවූයේ 2006 මැයි 18 දින(ඒකට වසර 7ක් බලන් හිටියා). අපේ ප්‍රේමය පටන්ගන්න අඩිතාලම වැටුනෙත් මැයි මාසයේදි. ඒ වෙසක් බලන්න ගිහිල්ලා. මම වැඩිදුර අධ්‍යාපනය සඳහා ජපානය බලා ගියෙත් මැයි මාසේ. ඒ 20 වෙනිදා. අධ්‍යාපන කටයුතු ඉවරවෙලා ආයෙත් ලංකාවට ආවෙත් මැයි මාසේ. ඒ 18 වෙනිදා. ඉතින් 18යි 25යි මැයි මාසෙයි මායි ඔන්න ඔහොමයි.

උෂ්නත්වය සහ රාත්‍රී නින්ද (සහ මගෙ ඇඳ)

මේ දවස්වල මාර රස්නෙයි. මං මදුරුවො කනවට නෙට් එකක් දාගෙන නිදාගන්නෙ. තවත් රස්නෙයි. ඉතින් ඔය දෙකම එකතු උනාම නිදාගන්නෙ කොහොමද? fan එක කෙස් ගලවගෙන යන සයිස් එකට දැම්මත් අමාරුයි. මාරම රස්නයක්. හැබැයි ඉතින් සෙට්වෙලා ආපු දවසකට නම් කිසි ප්‍රශ්ණයක් නෑ. බබා වගේ නිදි. ඔය වගෙ මේ ලඟදි සෙට් වෙච්ච දවසක උදෙ නැගිටල බලපුවාම් ඇඳුම් පිටින්ම නිදි. අම්ම ඇවිල්ලා අහනවා "------- උඹ ඊයෙ ගෙදර ආවේ කොහොමද කියලා?" මම මතක් කලා මතක් කලා අම්මට ආපු හැටි කියන්න. ඒත් ඒ වෙලාවෙ මතක් උනේ නෑ :) . හැබැයි ඔහොම හැමදාම වෙන්නෙත් නෑ. එදා සුට්ටක් වැඩි වෙලා.                       මම නිදාගන්නෙත් අමුතු විදියකට(හැමෝම එහෙමද දන්නෙ නෑ) මට ඔලුවට කොට්ටයකුයි, කකුල් දෙක අස්සෙ ගහන්න තව කොට්ටයකුයි ඕනෙ. එහෙම කරන්නෙ පැත්තට හැරිලා නිදා ගන්නකොට කොන්දට එන ප්‍රෙෂර් එක අඩු කර ගන්න. පොඩි කාලෙ රගර් ගහල කොන්දෙ පොඩි අප්සෙට් එකක් තියෙනවා. හැබැයි ඒක තාම කෙලින්. ඒ වාගෙම තමයි රෑට සිංදු අහල headphone එක තියන්නත් ඇදෙ මම පොඩි ඉඩක් හදාගෙන ඉන්නෙ. කොච්චර නින්ද ගියත් කවදාවත් එක තියන තැනට අතවත් යන්නෙ නෑ. headphon...