මේ තියෙන්නෙ මේ දවස්වල මම මේ දවස්වල වැඩියෙන්ම අහන සිංදුවක්. football උනත් එක්ක මේකත් නැගල යනවා. ගායනා කරන්නෙ ශකීරා, නම් කරල තියෙන්නෙ waka waka කියල. අපෙ භාෂාවෙන් නම් වකා වකා කිව්වම නිකං මෙලෝ රහක් නෑ වගෙ. ඕක අප්‍රිකාවේ native language එකක වචන ටිකක්. තේරුම මෙතනින් බලන්න. අයිමත් මේ සිංදුවට ගියොත් එහෙම, පලමුවෙන්ම කියන්න තියෙන්නෙ, ශකීරා මේකේ මාර sexy කියන එක. සුපුරුදු ඇබරිල්ලත් එක්ක bare foot දාන soft dance එකනම් නියමයි. වීඩියෝ එකත් පට්ට. ඉතින් world cup එකේ opening ceremony එකෙ තිබ්බ මියුසිකල් එකෙත් මේක ගියා. ඉතින් වැඩි හොඳට බලා ගන්න මුළු show එකම download කරල බැලුවා.
මට Google Wave එකක් හම්බඋනේ දැන මාසයකට විතර උඩදී. සුදාරක මල්ලී තමයි මට invitation එක එවලා තිබුනේ. ඉතින් මට ඕක ලැබිච්ච දවසෙ ඉඳන් මාත් බලන් ඉන්නෙ කාට හරි මගෙ ගානෙ invitation එකක් යවන්නෙ කොහොමද කියලා. මේ ලඟදි wave account එකට ලොග් වෙලා බලද්දී මටත් ඇවිල්ල තිබ්බා ඔය invitation යවන්න පුළුවන් කියන මැසේජ් එක. ඉතින් හරී.. සතුටුයි. ඉතින් ඕක දැක්ක වෙලේ ඉඳන් වටේටම කෝල් ගැහුවා. ඕනෙද කියල අහන්න. මම හිතුවෙ උණු කැවුම් වගෙ යයි කියලා. මොන, මුංගෙ ආඩම්බර. එකෙක්ටවත් එපාලු. එක්කො උන්ට හම්බ වෙලා. නැත්තම් එක එකා කියන ඒවා අහල දාලා බලන්නත් ඉස්සෙල්ලා එපාලු. කාට කියන්නද. තාම එකක්වත් දිගන්න බැරි උනා. facebook twitter වලටත් දැම්මා. ඒත් නෑ. ඉතින් බැරිම තැන තමයි මේ බ්ලොග් එකට දාන්න හිතුවෙ. අනේ කවුරු හරි ඕන එකෙක් ඉන්නවනම් මේල් එක දාලා කොමෙන්ට එකක් දාන්න ප්ලීස්. 8ම දෙනවා. 8යි නෙමෙයි 16යි(පස්සෙ දැක්කෙ).
Comments
http://www.torrentz.com/a15c17efd60d8fa3bdcc802b0fb3bf74d1058aff
ඒකත් පට්ට නම්බර් එක. කොහොමත් මේවා ඔක්කොම football උනත් එක්ක නැගලම යනවා.