Skip to main content

ඔලිම්පික් පරාජය, ජයග්‍රහණය - කේ. කරුණාදාස 1964


මෙවර ඔලිම්පික් තරඟාවලියේදී (2008) අපේ ක්‍රීඩකයින්ට විශේෂ ජයග්‍රහණ රහිතවම නිමාවට පත්විය. එහෙත් සහභාගිත්වය සහ ලද අත්දැකීමුත් ඔවුන්ගේ ඉදිරි ගමනට විශාල රුකුලක් වනු නොඅනුමානය.

මා අද කතා කරන්නට යන පුද්ගලයාත් කිසිම ජයග්‍රනයක් නැතිවම, පරාජයම නිසාම මහත් ප්‍රසිද්ධියක් ලැබුවෙකි. නමින් ඔහු කේ. කරුණාදාස.


ඔහු 1964දී ජපානයේ තෝකියෝ නගරයේ පැවති ඔලිම්පික් තරඟයේ මීටර 10,000 තරඟයට සහභාගී විය. එම තරඟය ඇමරිකානු ජාතිකයෙකු විසින් ජයග්‍රහණය කරන ලදී. නමුත් ඒ වන විටත් අපේ කරූට තවත් වට 3ක් ඉතිරිව තිබුණි. කෙසේ හෝ ඔහු එයින් එක වටයක් නිමා කළේය. අනෙක් තරඟකරුවොත් තරඟය නිමා කර අවසන්ය. ක්‍රීඩා පිටියේ දැන් දුවන්නේ කරු පමනි. දෙවෙනි වටයත් නිමා කළේය. ඒ හූ හඬ මධ්‍යයේය. නමුත් කරු දිගටම දිවීම කරගෙන ගියේය. හූ හඬ නතර වූයේ නැත. කරූ අවසාන වටයට පිවිසියේය. හූ හඬ ක්‍රමයෙන් අත්පුඩියකට හැරුණි. අත්පුඩිය ජය ගෝෂාවකට පෙරළුනි. කරූ තරඟය අවසන් කළේ තරඟයේ ප්‍රථම ස්ථානය ලැබුවාක් මෙන් සංතෝෂයකිනි. මුළු ක්‍රීඩාංගනයම ප්‍රීතිගෝෂා කරන්නට විය. මාධ්‍යකරුවෝ ඔහුව වට කර ගත්තේය. තරඟයේ පළමුවැන්නා පැත්තකය.

පසුදින ප්‍රධාන පුවත්පත් සෑම එකකම වාගෙ කරූගේ ඦායාරූපයෙන් සැරසී තිබිණි. පසු කලෙක කරූගේ මේ පුංචි කතන්දරය ජපාන ළදරු පොත්වල පවා පළ කොට තිබිනි. මෙම කතාව විශ්වාස නැත්නම් මේ video එක බලන්න. නොම්මර 67 මේ අපේ කරුණාදාසයි.


(මේ කතාව මිනිසුන් එක එක විදියට කියනවා මා අසා තිබෙනවා. නමුත් මා මේ සටහන තැබුවී කාලයක් ජපානයේ විසු ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලාංකීය පුරවෙසියෙකුගෙන් ලබා ගත් තොරතුරු වලට අනුව බව සලකන්න.)

Comments

Leo Sadeepa said…
මේ කතාව කෙසේ හෝ ජයග්‍රහණය කිරීම සඳහා කටයුතු කරන්නට කැමති නූතන ක්‍රීඩකයන්ට හොඳ පාඩමක්...මෙහිදී උත්තේජක බාවිතා කරමින් ජයග්‍රහනය කරනු වෙනුවට ක්‍රීඩාබවේ සැබෑ අරුත පෙන්වාදෙනවා.... මම මේ කතාව පුවත්පතකින් කියවා තිබුනා ... යූ ටියුබ් ලින්ක් එකට ස්තුතියි .. !

Popular posts from this blog

උෂ්නත්වය සහ රාත්‍රී නින්ද (සහ මගෙ ඇඳ)

මේ දවස්වල මාර රස්නෙයි. මං මදුරුවො කනවට නෙට් එකක් දාගෙන නිදාගන්නෙ. තවත් රස්නෙයි. ඉතින් ඔය දෙකම එකතු උනාම නිදාගන්නෙ කොහොමද? fan එක කෙස් ගලවගෙන යන සයිස් එකට දැම්මත් අමාරුයි. මාරම රස්නයක්. හැබැයි ඉතින් සෙට්වෙලා ආපු දවසකට නම් කිසි ප්‍රශ්ණයක් නෑ. බබා වගේ නිදි. ඔය වගෙ මේ ලඟදි සෙට් වෙච්ච දවසක උදෙ නැගිටල බලපුවාම් ඇඳුම් පිටින්ම නිදි. අම්ම ඇවිල්ලා අහනවා "------- උඹ ඊයෙ ගෙදර ආවේ කොහොමද කියලා?" මම මතක් කලා මතක් කලා අම්මට ආපු හැටි කියන්න. ඒත් ඒ වෙලාවෙ මතක් උනේ නෑ :) . හැබැයි ඔහොම හැමදාම වෙන්නෙත් නෑ. එදා සුට්ටක් වැඩි වෙලා.                       මම නිදාගන්නෙත් අමුතු විදියකට(හැමෝම එහෙමද දන්නෙ නෑ) මට ඔලුවට කොට්ටයකුයි, කකුල් දෙක අස්සෙ ගහන්න තව කොට්ටයකුයි ඕනෙ. එහෙම කරන්නෙ පැත්තට හැරිලා නිදා ගන්නකොට කොන්දට එන ප්‍රෙෂර් එක අඩු කර ගන්න. පොඩි කාලෙ රගර් ගහල කොන්දෙ පොඩි අප්සෙට් එකක් තියෙනවා. හැබැයි ඒක තාම කෙලින්. ඒ වාගෙම තමයි රෑට සිංදු අහල headphone එක තියන්නත් ඇදෙ මම පොඩි ඉඩක් හදාගෙන ඉන්නෙ. කොච්චර නින්ද ගියත් කවදාවත් එක තියන තැනට අතවත් යන්නෙ නෑ. headphone එක කවදාවත් ඇඳෙන් වැටිලත් නෑ. එතනම තමයි මොබ

Google Wave 16යි. ඒවා හරිම ලාබයි.

මට Google Wave එකක් හම්බඋනේ දැන මාසයකට විතර උඩදී. සුදාරක මල්ලී තමයි මට invitation එක එවලා තිබුනේ. ඉතින් මට ඕක ලැබිච්ච දවසෙ ඉඳන් මාත් බලන් ඉන්නෙ කාට හරි මගෙ ගානෙ invitation එකක් යවන්නෙ කොහොමද කියලා. මේ ලඟදි wave account එකට ලොග් වෙලා බලද්දී මටත් ඇවිල්ල තිබ්බා ඔය invitation යවන්න පුළුවන් කියන මැසේජ් එක. ඉතින් හරී.. සතුටුයි. ඉතින් ඕක දැක්ක වෙලේ ඉඳන් වටේටම කෝල් ගැහුවා. ඕනෙද කියල අහන්න. මම හිතුවෙ උණු කැවුම් වගෙ යයි කියලා. මොන, මුංගෙ ආඩම්බර. එකෙක්ටවත් එපාලු. එක්කො උන්ට හම්බ වෙලා. නැත්තම් එක එකා කියන ඒවා අහල දාලා බලන්නත් ඉස්සෙල්ලා එපාලු. කාට කියන්නද. තාම එකක්වත් දිගන්න බැරි උනා. facebook twitter වලටත් දැම්මා. ඒත් නෑ. ඉතින් බැරිම තැන තමයි මේ බ්ලොග් එකට දාන්න හිතුවෙ. අනේ කවුරු හරි ඕන එකෙක් ඉන්නවනම් මේල් එක දාලා කොමෙන්ට එකක් දාන්න ප්ලීස්. 8ම දෙනවා.   8යි නෙමෙයි 16යි(පස්සෙ දැක්කෙ).

දැන් blogger templete හදන්න පට්ට ලේසියි

දැන් blogger templete අපිටම කියල හදාගන්න පුළුවන්. මාර ලේසියි. දෙන්නෙත් blogger site එකෙන්ම තමයි. හැබැයි sighn in වෙන්න ඕනෙ blogger in draft account එකෙන්. හිතන්න දෙයක් නෑ. blogger account එකක් තියෙනවනම් නිකම්ම මේකට යන්න පුළුවන්. යන්න මෙතනින් . ඊට පස්සෙ Layout > Page Elements වලට. ගියහම ඇති Template Desighner කියල tab එකක්. යන්න ඒකට. ඊට පස්සෙ වෙන දේ මම ලියල කියනවට වඩා මේ වීඩියොව බැලුවම ලේසියෙන් දැන ගන්න පුළුවන්. මට නම මාර happy. මම උග්‍ර blogger fan කෙනෙක්. හැබැයි තාම අත්හද බලන්න බැරි උනා. මාර busy. 7455