Skip to main content

මෙන්න අපේ ගුවන් හමුදාවෙ වැඩ!

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පසුගිය දිනක සිදුකල මෙහෙයුමක් මේ. ඒ කොටි අඩවියේ අතරමන්ව සිටි තුවාල ලැබූ විශේෂ කාර්‍ය බළකායේ සෙබළුන් පිරිසක් බේරා ගැනීමටයි. මෙය ස්වර්ණවාහිණියේ live @ 8 තුළින් විකාශය කළ අන්දමයි මේ..

Comments

මේ ගැන යමක් නොකියාම බැහැ. මේ කොල්ලෝ, 8 දෙනා ගේ කණ්ඩායම කොටින් ගේ පෙදෙසට ගිහින් බොහෝ දවස්. යන්තම් චොකලට් කාලා, ඇපල් ගෙඩියක් සූර සූර කාලා දිවිය ගෙවන්නේ. විශාල කොටි කණ්ඩායමක ප්‍රහාරයකට ලක් වුනා. අට දෙනෙක් 50-60 ක් සමඟ සටනක් දුන්නොත් කුමක් ඉතිරි වේදැයි කිව යුතුද? එහෙත් අපේ ගොයියෝ ටික, උන්‍ට හොඳට ගහලා පැනලා. එක් කෙනෙක් නම් දිවි හැර ගොස්, තුන් දෙනෙක් තුවාලයි. මැරුණ කෙනා නම් අරගෙන නැහැ, නමුත් තුවාල වුනු අය තමයි ඔය අරගෙන එනවා පෙන්වන්නේ. මේ අයගේ වීර ක්‍රියාවන් නම් කියලා නිම කරන්න බැහැ. ඒ වගේම නිදහසේ කියන්නත් බැහැ. ඒවා අනියම් විදිහට ත්‍රස්ත කොටින්ට උදව්‍වක් වේවි.
ච.ගු said…
අපේ හමුදාවන් හි සොයුරන් අපිට ආඩම්බරයක්.. මම දේශපාලනයට කැමති නැති වුනාට ඊයෙ ජනාධිපති තුමා කල කතාවකදි කිව්වා බහුතරයක් හමුදා සොයුරන්ට තමන්ගෙ කියලා ඉන්න හරියට ගේ දොර නෑ - නමුත් ඔවුන් තමන්ගෙ ජීවිත පරිත්‍යාගයෙන් සටන් වදින්නෙ මේ මුළු ලංකාවම වෙනුවෙන්. අපි වෙනුවෙන් !
කතාව ඇත්ත නේද?? ඔවුන්ගෙ ඒ කැපවීම නැත්නම් අද අපිට හිත සැහැල්ලුවෙන් නිදාගන්නවත් පුලුවන්ද ?

චම්පිකගෙ සටහන තුලින් මම පොඩි මතක් කිරීමක් කරන්න කැමතියි.
"අපි වෙනුවෙන් අපි" වැඩසටහන හමුදාවෙ සොයුරන් වෙනුවෙන් ඇරඹුනු නිවාස අරමුදලක්. පොඩි ගණනකින් හරි දායක වෙන්න! මෙන්න පිටුව >>

සොයුරනි, තව ටික දවසයි.. ලංකාව සිංහ ධජය යට එක් සේසත් වුනු දාට ඔබ පාමුල රන් මල් පිපේවි
රන් මලක් ලෙස දෙව් බඹුන්
දෝතින් පිදූ මේ පිං බිමේ
පස් පිඩක් ගිලිහි නොයන්නට
රන් වැ‍ටක් ඇත සිව් කොනේ
හදවතින් ඔබ යුද බිමේ අප තනි කළේ නැත කිසි දිනේ!

Popular posts from this blog

Google Wave 16යි. ඒවා හරිම ලාබයි.

මට Google Wave එකක් හම්බඋනේ දැන මාසයකට විතර උඩදී. සුදාරක මල්ලී තමයි මට invitation එක එවලා තිබුනේ. ඉතින් මට ඕක ලැබිච්ච දවසෙ ඉඳන් මාත් බලන් ඉන්නෙ කාට හරි මගෙ ගානෙ invitation එකක් යවන්නෙ කොහොමද කියලා. මේ ලඟදි wave account එකට ලොග් වෙලා බලද්දී මටත් ඇවිල්ල තිබ්බා ඔය invitation යවන්න පුළුවන් කියන මැසේජ් එක. ඉතින් හරී.. සතුටුයි. ඉතින් ඕක දැක්ක වෙලේ ඉඳන් වටේටම කෝල් ගැහුවා. ඕනෙද කියල අහන්න. මම හිතුවෙ උණු කැවුම් වගෙ යයි කියලා. මොන, මුංගෙ ආඩම්බර. එකෙක්ටවත් එපාලු. එක්කො උන්ට හම්බ වෙලා. නැත්තම් එක එකා කියන ඒවා අහල දාලා බලන්නත් ඉස්සෙල්ලා එපාලු. කාට කියන්නද. තාම එකක්වත් දිගන්න බැරි උනා. facebook twitter වලටත් දැම්මා. ඒත් නෑ. ඉතින් බැරිම තැන තමයි මේ බ්ලොග් එකට දාන්න හිතුවෙ. අනේ කවුරු හරි ඕන එකෙක් ඉන්නවනම් මේල් එක දාලා කොමෙන්ට එකක් දාන්න ප්ලීස්. 8ම දෙනවා.   8යි නෙමෙයි 16යි(පස්සෙ දැක්කෙ).

දැන් blogger templete හදන්න පට්ට ලේසියි

දැන් blogger templete අපිටම කියල හදාගන්න පුළුවන්. මාර ලේසියි. දෙන්නෙත් blogger site එකෙන්ම තමයි. හැබැයි sighn in වෙන්න ඕනෙ blogger in draft account එකෙන්. හිතන්න දෙයක් නෑ. blogger account එකක් තියෙනවනම් නිකම්ම මේකට යන්න පුළුවන්. යන්න මෙතනින් . ඊට පස්සෙ Layout > Page Elements වලට. ගියහම ඇති Template Desighner කියල tab එකක්. යන්න ඒකට. ඊට පස්සෙ වෙන දේ මම ලියල කියනවට වඩා මේ වීඩියොව බැලුවම ලේසියෙන් දැන ගන්න පුළුවන්. මට නම මාර happy. මම උග්‍ර blogger fan කෙනෙක්. හැබැයි තාම අත්හද බලන්න බැරි උනා. මාර busy. 7455

මැයි 25 සහ 18

මැයි මාසය මගේ ජීවිතයට ඉතා වැදගත් මාසයක්. ප්‍රධාන හේතුවනම්, මගෙ උපන් දිනය මැයි 25 වන දින වීම්. (ඒ කියන්නෙ ඊයෙ. දැන් මට 31 යි) දෙවන කාරනය තමයි මැයි 18. මැයි 18 කියපුවහම ලොකු කුඩා ඕන කෙනෙක් දන්නවා ඒ දවසේ වැදගත්කම. ඒ අපේ මාතෘභූමිය නිදහස් වූ දිනය( මම නම් දකින්නේ ඒ විදියට). නමුත් මට නම් මැයි 18 දිනට තවත් විශේෂ කාරණයක් යෙදී තිබෙනවා. ඒ තමයි මම විවාහ වූ දිනය. මේ අවුරුද්දේ අපි සැමරුවේ අපේ තෙවන සංවස්තරය. විවාහය සිදුවූයේ 2006 මැයි 18 දින(ඒකට වසර 7ක් බලන් හිටියා). අපේ ප්‍රේමය පටන්ගන්න අඩිතාලම වැටුනෙත් මැයි මාසයේදි. ඒ වෙසක් බලන්න ගිහිල්ලා. මම වැඩිදුර අධ්‍යාපනය සඳහා ජපානය බලා ගියෙත් මැයි මාසේ. ඒ 20 වෙනිදා. අධ්‍යාපන කටයුතු ඉවරවෙලා ආයෙත් ලංකාවට ආවෙත් මැයි මාසේ. ඒ 18 වෙනිදා. ඉතින් 18යි 25යි මැයි මාසෙයි මායි ඔන්න ඔහොමයි.