මා ඊයේ සිට රජගිරියේ බෝගස ඉදිරිපිට උතුරේ අවතැන් වී සිටින වැසියන් වෙනුවෙන් වියළි ආහාර සහ ඇඳුම් පැළඳුම් වැනි දෑ එකතු කිරීමේ වැඩසටහනකට සම්බන්ධ වී සිටිනවා. එකතු වෙන භාණ්ඩ ITN එකේ සහෝදර සත්කාරයට පිරිනමන අතර මේ සඳහා සැළකිය යුතු පිරිසක්ගෙන් සහයක් ලැබෙමින් පවතිනවා. බොහෝ දෙනා රජගිරිය අවට පිරිස. මේ අතර අපේ කාර්යය විවේචනය කරන පිරිසකුත් ඉන්නවා. හැමොම ඉතින් එක වගේ හිතන්නෙ නෑනෙ. මොනවා කරන්නද? ඒත් අපි අපිට පුළුවන් විදියට අපෙ යුතුකම කරමින් සිටිනවා.
මේ දවස්වල මාර රස්නෙයි. මං මදුරුවො කනවට නෙට් එකක් දාගෙන නිදාගන්නෙ. තවත් රස්නෙයි. ඉතින් ඔය දෙකම එකතු උනාම නිදාගන්නෙ කොහොමද? fan එක කෙස් ගලවගෙන යන සයිස් එකට දැම්මත් අමාරුයි. මාරම රස්නයක්. හැබැයි ඉතින් සෙට්වෙලා ආපු දවසකට නම් කිසි ප්‍රශ්ණයක් නෑ. බබා වගේ නිදි. ඔය වගෙ මේ ලඟදි සෙට් වෙච්ච දවසක උදෙ නැගිටල බලපුවාම් ඇඳුම් පිටින්ම නිදි. අම්ම ඇවිල්ලා අහනවා "------- උඹ ඊයෙ ගෙදර ආවේ කොහොමද කියලා?" මම මතක් කලා මතක් කලා අම්මට ආපු හැටි කියන්න. ඒත් ඒ වෙලාවෙ මතක් උනේ නෑ :) . හැබැයි ඔහොම හැමදාම වෙන්නෙත් නෑ. එදා සුට්ටක් වැඩි වෙලා. මම නිදාගන්නෙත් අමුතු විදියකට(හැමෝම එහෙමද දන්නෙ නෑ) මට ඔලුවට කොට්ටයකුයි, කකුල් දෙක අස්සෙ ගහන්න තව කොට්ටයකුයි ඕනෙ. එහෙම කරන්නෙ පැත්තට හැරිලා නිදා ගන්නකොට කොන්දට එන ප්‍රෙෂර් එක අඩු කර ගන්න. පොඩි කාලෙ රගර් ගහල කොන්දෙ පොඩි අප්සෙට් එකක් තියෙනවා. හැබැයි ඒක තාම කෙලින්. ඒ වාගෙම තමයි රෑට සිංදු අහල headphone එක තියන්නත් ඇදෙ මම පොඩි ඉඩක් හදාගෙන ඉන්නෙ. කොච්චර නින්ද ගියත් කවදාවත් එක තියන තැනට අතවත් යන්නෙ නෑ. headphone එක කවදාවත් ඇඳෙන් වැටිලත් නෑ. එතනම තමයි මොබ
Comments