Skip to main content

උබුන්ටු දාගත්තට පස්සෙ.

මට නම් උබුන්ටු 10.04 හොඳට හිතට අල්ලල ගියා. පෙනුමද performance ද පහසුකම්ද  සෑහෙන්න ෆයිට් එකක් දෙන්න පුළුවන් තත්වෙක ඉන්නවා. ඒත් අනිත් os වගේම මේකත් මට ඕන විදියට මගේම කරගන්න පොඩි සෙල්ලම් ටිකක් දාගන්න වෙනවා. ඒ අතරින් කිහිපයක් තමයි මේ.

  •  සිංහල දානීම - උබුන්ටු එක්ක එන සිංහල ෆොන්ට් එක මෙලො රහක් නෑ. අපිට සිංහල හරියට පේන්නෙ නැත්නම් වැඩක් තියෙනවැ.
  •  මේ පාර close button තියෙන්නෙ රුහිතෙට, හැමතිස්සෙම පැටලෙන නිසා ඒක දාගත්ත පුරුදු දකුණු පැත්තට 
  •  යට තියෙන පැනල් එක remove කරල dock එකක් දාගන්න එක. docky සහ avant එක තමයි මාරුවෙන් මාරුවට පාවිච්චි කරන්නෙ. වඩා කැමති avant එකට.
  •  vlc media player එක දාගන්න එක.
  •  icon size එක සහ font size වෙනස් කර ගන්න එක. තියෙන එක ලොකු වැඩියි. මොට්ට පාටයි.
  •  chrome සහ skype දාගන්න එක. ඕව නැතිව බෑ.
  •  photoshop එකත් එක්ක නිතර ඉන්න නිසා gimp දාගන්න එක.
  • virtual box දාගන්න එක
  •  අලුතින් ඇවිල්ලා තියෙන Gwibber එකනම් එච්චර ඇල්ලුවෙ නෑ. ඉතින් firefox එකට echofon දාගෙන අනිත් social network වලට පුරුදු විදියටම යනවා.

ඕව තමයි ඉති මට අවශ්‍ය වෙන්නෙ හැබැයි ඔය ඔක්කොටම ඉස්සෙල්ලා update manager එක run කරන එක.

පස්සෙ මතක් උනෙ. ubuntu tweak එකත් පට්ට. පොඩි පොඩි tweaks වැඩ වලට නියමයි.

8870

Comments

GNS said…
හික්.. Close Button දකුණට දැම්ම නම් Dock එකත් අයිං කරල දාන්න.. :P
දෙකම Mac OS එකෙන් උස්සපුවනේ.. :D
Unknown said…
හැබෑව.
මම නම් තාම කෝලම තමයි පාවිච්චිය.මගෙ ලැපට නං 10.04 නෙට්බුක් එඩිෂන් එක බාගත්තා. එලම තමයි
budhajeewa said…
මචං වින්ඩෝ කන්ට්‍රෝලර්ස් වමේ තීබීමට පුරුදු උනා නම් හොඳයි. මොකද ගයන්ත කීවට ඒක MacOS එක කොපි කිරීමක් කියලා, Ubuntu වල වින්ඩෝ කන්ට්‍රෝලර්ස් වමට ගියේ මීළඟ සංස්කරණ වලදී ඒ ඒ වින්ඩෝව තුළ ක්‍රියාත්මක වන මෘදුකාංගය පිළිබඳ තත්ව දර්ශක (Windicators (Window Indicators)), කලිං වින්ඩෝ කන්ට්‍රොේලර්ස් තිබුනු තැනට දාන්න අදහස් කරන් ඉන්න නිසා.
Unknown said…
We're NOT Mac OS X!
http://www.omgubuntu.co.uk/2010/06/were-not-mac-os-x.html?utm_source=feedburner&utm_medium=twitter&utm_campaign=Feed%3A+d0od+%28Omg!+Ubuntu!%29
මටත් පූර්ණ කාලීනව උබුන්ටු වලට එන්න හිතෙවා. නමුත් මට තියෙන ගැටුළුවක් තමා 3Ds Max වලට විකල්ප හොද software එකක් උබුන්ටු වල නැති ක්‍රම. කවුරු හරි දන්නවද උබුන්ටු මත 3Ds Max වැඩ කරනවන ක්‍රමයක් ගෙන. wine වලින් පුළුවන් වෙයිද?

Popular posts from this blog

Google Wave 16යි. ඒවා හරිම ලාබයි.

මට Google Wave එකක් හම්බඋනේ දැන මාසයකට විතර උඩදී. සුදාරක මල්ලී තමයි මට invitation එක එවලා තිබුනේ. ඉතින් මට ඕක ලැබිච්ච දවසෙ ඉඳන් මාත් බලන් ඉන්නෙ කාට හරි මගෙ ගානෙ invitation එකක් යවන්නෙ කොහොමද කියලා. මේ ලඟදි wave account එකට ලොග් වෙලා බලද්දී මටත් ඇවිල්ල තිබ්බා ඔය invitation යවන්න පුළුවන් කියන මැසේජ් එක. ඉතින් හරී.. සතුටුයි. ඉතින් ඕක දැක්ක වෙලේ ඉඳන් වටේටම කෝල් ගැහුවා. ඕනෙද කියල අහන්න. මම හිතුවෙ උණු කැවුම් වගෙ යයි කියලා. මොන, මුංගෙ ආඩම්බර. එකෙක්ටවත් එපාලු. එක්කො උන්ට හම්බ වෙලා. නැත්තම් එක එකා කියන ඒවා අහල දාලා බලන්නත් ඉස්සෙල්ලා එපාලු. කාට කියන්නද. තාම එකක්වත් දිගන්න බැරි උනා. facebook twitter වලටත් දැම්මා. ඒත් නෑ. ඉතින් බැරිම තැන තමයි මේ බ්ලොග් එකට දාන්න හිතුවෙ. අනේ කවුරු හරි ඕන එකෙක් ඉන්නවනම් මේල් එක දාලා කොමෙන්ට එකක් දාන්න ප්ලීස්. 8ම දෙනවා.   8යි නෙමෙයි 16යි(පස්සෙ දැක්කෙ).

කාලෙකට පස්සේ

කාලෙකට පස්සේ blog account  එක පැත්තෙ ආවෙ.   හරියටම කිව්වොත් අවු එකා මාරකින් විතර.   දැන් SBU එකෙත් නැති නිසා කවුරුත් මගේ එකා බලන්න එන්නෙත් නැනේ. මම හිතන්නේ blog post නැති නිසා මාව කපල දාලා. කමක් නෑ මොකෙක් හරි මේක දකිනෙ. මේ දවස් වල නම් ජිවිතේ අන්තිමට තිත්ත වෙලා ඉන්නේ.මෙලෝ රහක් නෑ.   කරදර පිට කරදර ඉවරයක් නෑ. ඒ මදිවට   ජොබ් එක නැතුව මාස ගානක් හිටියා. කොහොම හරි ගෙදර ප්‍රශ්නත් ටිකක් හරි ගියාට   පස්සේ අයෙට්ඔලුව හදාගෙන  ජොබ් එකක් කරන්න හිතුවා. හරි දැන් ඉතින් කොහොම හරි පරණ පුරුදු විදියට ජිඉවත් වෙන්න පටන් ගන්න ඕනේ.

දැන් blogger templete හදන්න පට්ට ලේසියි

දැන් blogger templete අපිටම කියල හදාගන්න පුළුවන්. මාර ලේසියි. දෙන්නෙත් blogger site එකෙන්ම තමයි. හැබැයි sighn in වෙන්න ඕනෙ blogger in draft account එකෙන්. හිතන්න දෙයක් නෑ. blogger account එකක් තියෙනවනම් නිකම්ම මේකට යන්න පුළුවන්. යන්න මෙතනින් . ඊට පස්සෙ Layout > Page Elements වලට. ගියහම ඇති Template Desighner කියල tab එකක්. යන්න ඒකට. ඊට පස්සෙ වෙන දේ මම ලියල කියනවට වඩා මේ වීඩියොව බැලුවම ලේසියෙන් දැන ගන්න පුළුවන්. මට නම මාර happy. මම උග්‍ර blogger fan කෙනෙක්. හැබැයි තාම අත්හද බලන්න බැරි උනා. මාර busy. 7455