Skip to main content

නරක පුරුදු

අද උදේ ආපු බස් එකනම් අන්තිමයි. ඒකෙ ඩ්‍රයිවරයා අඩියෙන් අඩියට බ්‍රේක් ගහනවා. ඒකත් පුළුවන් තරම් වේගයෙන් ගිහිල්ලා එක පාරටම බ්‍රේක් ගහන්නෙ. අඩි දහයක ඉඩක් දැක්කත් ඇති. බස් එක ඇතුලේ මිනිස්සු බාගෙට මැරිලා වගේ.

සමහර විට මිනිහට ඒක පුරුද්දට ගිහිල්ලා ඇති. ඩ්‍රයිවින්ග් ඉගෙන ගන්න කාලේ පටන් ගත්ත විදිහ වෙන්න ඇති. මටත් මේ වගෙ මගහැරගන්න බැරි පුරුදු තියෙනවා. එකක් තමයි ඇඟිලි දෙකෙන් ටයිප් කරන එක. පරිගණකය ගැන ඉගෙන ගන්න කාලෙ කොච්චර ඉගැන්නුවත් මම ටයිප් කලේම ඇඟිලි දෙකෙන්. දැන් ඒක අත් හැරගන්න බැරුව දඟලනවා.

Comments

හික් මම නියපොතු හපනවා. කොච්චර උත්සාහ කළත් නවත්තගන්න බැරුව ඉන්නෙ.
Danishka said…
ඇයි මල්ලී, ඔයාට චැට් එකේ ඇරෙන්න කතා කරන්නත් අමාරුයි නේ.. :D
ඒක නම් හැබෑව ;)
මිනිහා මුලින්ම එලවලා තියෙන්නේ, හරක් ලොරි. කිසි එකෙක් මොනවත් කියන්නේ නැහැනේ. පසුව තමයි, බසයක් එලවීමට ලැබිලා තියෙන්නේ. මොනවා කරන්නද? හිටපු ගමන් මමත් නගිනවා හරක් ලොරි කාරයන්ගේ බස් වලට