Skip to main content

පල නොකල ලිපි

මේ මගේ බ්ලොග් එකෙ තවමත් draft විදියට save කරල තියෙන තවමත් පලකළ කල ගත නොහැකි වූ ලිපි කෑලි කිහිපයක්. විවිධ හේතු නිසා මට ඒවා ඉවර කර ගන්න බැරි වුනා. මට හිතුනා ඒවා ඔක්කොම එකතු කරල එක ලිපියක් පල කරන්න. දිනත් එක්කම.


24/8/09
අපි නිතරම මහ ජාතිය සහ සුළු ජාතිය අතර ඇති පරතරය ගැන කතා කරමින් සිටි. ඉඳහිට ඇති හැකි සහ නැති බැරි උන්ගේ පරතරය ගැනද කතා කර ඇත්තෙමු. අසල්වැසි ඉන්දියාවෙ හෝ සෞභාග්‍යමත් සිංගප්පූරුවේ සහ අපේ ලංකාවේ ඇති පරතරය ගැනද කතාකරනවා මම අසා ඇත්තෙමි. ඒ වගේම පැරණී රජදරුවන් සහ ඒ කාළයේ කොළ අතු ඇඳ සිටි යුරෝපයේ සුද්දන්ගේ කෙරුවාවල් වල පරතරයද ගැනද නිරන්තර සාකච්චවක යෙදී සිටිමින් සිටී. මේවා අපට නිතර අසන්නට ලැබෙන වෙනස්කම් සහ පරතරයන්ය.
එහෙත් මට හැඟෙන ආකාරයට පසුගිය දිනවල සිදුවූ අවාසානාවන්ත සිදුවීම්ව්ලට ප්‍රධාන වශයෙන් බලපෑ මූලික හේතුවත් මේ විවිධ වු අප අතරම ඇති මේ පරතරයන් ය.


18/08/09
පසුගිය සති දෙක තුන තුළදී අපට අසන්නට ලැබුනු අවාසනාවන්ත සිද්ධි කිහිපයකි.

07/03/09
ගොඩනැගෙන්නනම් අපේ දේ අගයමු

29/10/08
අබා .. අප සංගමය තුළත් සහ සිංහළ ගූගල් සමූහය තුළත් ඉතා ගැඹුරින් සාකච්ඡා කරලා කරලා පිළුනු වෙච්ච මාතෘකාවක්. මෙම චිත්‍රපටිය ගැන විවිධ මත පල වෙලා තිබ්බත් මම නෙමේ ඒවට උත්තර දෙන්න ගියේ. මොකද මම අබා බලලා තිබ්බේ නැති හින්දා. නමුත් පසුගිය දිනෙක අබා බලන්නට පුලුවන් වූ නිසාත් අබා ගැන මගේ හැඟීම ඉදිරිපත් කරන්න ඕනෙ වූ නිසාත් මම මේ සීතල මාතෘකාවම තෝරා ගන්නට වුනා.
අබා ඇත්තෙන්ම අපේ සිනමාව තුළ බිහි වු දැවැන්තම චිත්‍රපටියයි. ඒ වියදම, තාක්ෂණය, තේමාව සහ පසුතල නිර්මාණය වැනි කරුනු ගැන සලකා බැලු විට. ඒත් මුළු චිත්‍රපටිය ගැනම විමසා බැලු කළ මට හැඟී ගියේ "අබා"මා මීට පෙර නර්ඹා තිබු නිර්මාණ කිහිපයක එකතුවක් බවයි. ඒ අතර "Lord of the Rings" සහ ක්‍රිස්තු චරිතය අශ්‍රිතව නිර්මාණය වෙච්ච සමහර නිර්මාණ ප්‍රධාන තැනක් ගන්නවා. නමුත් කිසිවිටකත් ජැක්සන් අපේ ඉතිහාසයට ක්‍රිස්තු චරිතය ඇතුළු කිරීමට උත්සහ කිරීමට යනවායි මින් අදහස් නොකරයි. එම මතය අප මෙතෙක් අපේ සිනමාව තුළ නොදැකපු

28/6/08
(මෙම ලිපිය මගේ ජපන් පාඩම 1 හා සබැඳේ.)
අද අපි

Comments

Popular posts from this blog

Google Wave 16යි. ඒවා හරිම ලාබයි.

මට Google Wave එකක් හම්බඋනේ දැන මාසයකට විතර උඩදී. සුදාරක මල්ලී තමයි මට invitation එක එවලා තිබුනේ. ඉතින් මට ඕක ලැබිච්ච දවසෙ ඉඳන් මාත් බලන් ඉන්නෙ කාට හරි මගෙ ගානෙ invitation එකක් යවන්නෙ කොහොමද කියලා. මේ ලඟදි wave account එකට ලොග් වෙලා බලද්දී මටත් ඇවිල්ල තිබ්බා ඔය invitation යවන්න පුළුවන් කියන මැසේජ් එක. ඉතින් හරී.. සතුටුයි. ඉතින් ඕක දැක්ක වෙලේ ඉඳන් වටේටම කෝල් ගැහුවා. ඕනෙද කියල අහන්න. මම හිතුවෙ උණු කැවුම් වගෙ යයි කියලා. මොන, මුංගෙ ආඩම්බර. එකෙක්ටවත් එපාලු. එක්කො උන්ට හම්බ වෙලා. නැත්තම් එක එකා කියන ඒවා අහල දාලා බලන්නත් ඉස්සෙල්ලා එපාලු. කාට කියන්නද. තාම එකක්වත් දිගන්න බැරි උනා. facebook twitter වලටත් දැම්මා. ඒත් නෑ. ඉතින් බැරිම තැන තමයි මේ බ්ලොග් එකට දාන්න හිතුවෙ. අනේ කවුරු හරි ඕන එකෙක් ඉන්නවනම් මේල් එක දාලා කොමෙන්ට එකක් දාන්න ප්ලීස්. 8ම දෙනවා.   8යි නෙමෙයි 16යි(පස්සෙ දැක්කෙ).

නාවික හමුදාව මහනුවර වනසයි.

මෙන්න unbeaten kandy team එක අපෙ navy එකෙ කොල්ලො beat කරලා. ලකුණු තත්වය 13ට 14යි. මට නම් මතක ඇති කාලෙක kandy පැරදුනාමයි. අවුරුදු ගානක ඉඳන් ලංකාවේ champion ල නෙ. ඉතින් පොඩ්ඩක් උඩින් තමයි kandy team එකෙ කට්ටිය යන්නෙ එන්නෙ. උන්ගෙ සපෝටර්ල ඊට හපන්. navy team එක මේ ඊයෙ පෙරෙද වෙනකම් මෙලො රහක් නැතිව හිටියෙ. ඒත් ජනාධිපතිතුමාගේ දෙවැනි පුතා, යෝෂිත ඒ කණ්ඩායමට එකතු වුනත් එක්කම ටීම් එකට අලුත් players ටිකක් සෙට් කරගෙන දැන් අලුත් විදියකට කරගෙන යනවා. ඒ අතර ඉස්සර cr එකේ ගැහුව දේව් ආනන්ද් විශේෂයි. ඊයෙත් දේව්ගෙ drop cicks තමයි ජයග්‍රහණයට ගොඩක් බලපෑවේ. නාමලුත් විනාඩි 10ක් විතර play කරා. ඉතින් ගොඩක් අය හිතන් හිටියා නාමල්ලා ගහන හින්ද රෙෆා ඒ පැත්තට අදින්න ඇති කියල. අනෙ මම මැච් එක ඉවරවෙනකම්ම බැලුවා එහෙම කිසිම දෙයක් වුනේ නෑ. navy team එකේ prominence වලින්ම තමයි මැච් එක ගහ ගත්තෙ. ඒ ගැන නම් කිසිම කතාවක් නෑ. මොනා නමුත් හොඳ මැච් එකක්නම් බැලුවා. හැබැයි දෙපැත්තෙම මාර මිස්ටේක් වැඩියි.  ground එකේ පොඩ්ඩක් තෙත ගතියකුත් තිබ්බා. හැමදාම එකම team එකක් දිනන්නෙ නැතිව මේ වගේ තියනවනම් හොඳයි කියල තමයි මට හිතෙන්නෙ. 8618

ජපන් පාඩම 1 - ජපන් අක්ෂර.

(මා මගේ ප්‍රථම සටහනින් සඳහන් කළ ආකාරයට මෙම බ්ලොගය තුළින් මට වේලාවක් ලැබෙන ආකාරයට මා සතු ජපන් භාෂාව පිළිබඳව ඇති දැනුම ඔබ කාඅතරත් බෙදා හදා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිමි. ඉතින් මේ ඉන් පළමු සටහනයි.) ජපන් අක්ෂර. ජපන් භාෂාව ඈත අතීතයේදී චීනයේ සිට චීන භාෂාවෙන් පැවත ආ බව සැලකේ. තවමත් චීන අක්ෂර තරමක් වෙනස් වී කන්ජි අක්ෂර(Kanji) ලෙස ජපන් භාෂාවේ භාවිතයේ ඇත. ඊට අමතරව හිරගනා(Hiragana) සහ කතකනා(Katakana) යන අක්ෂරද, භාවිතා කරයි. කන්ජී : සාම්ප්‍රදායික ජපන් වචන ලිවීමට භාවිතා කරයි.බොහෝ විට එක කන්ජියකින් එක වචනයක තේරුමක් ඇත. මෙවැනි කන්ජි 50,000 ක් පමණ ඇතිමුත් සාමාන්‍යයෙන් ඉන් කන්ජි 10,000ක් පමණ භාවිතා කරයි. මීට අමතරව ජපන් රජය විසින් මුද්‍රිත මාධ්‍යවල භාවිතය සඳහා අකුරු 1945 ක් නම් කරන ලදී. මේවා ජෝයෝ කන්ජි ලෙස හඳුන්වයි. හිරඟනා : ජපන් භාෂාවට ආවේනික වචන ලිවීමට මෙය භාවිතා කරයි. කන්ජි වල ශබ්දයද මෙමඟින් ලියා දක්වයි. මෙය අකුරු 46න් සමන්විත වන අතර එක් අකුරකින් එක් ශබ්දයක් පමණක් උපද්දවයි. කතකනා : ජපන් භාෂාවට වෙනත් විදේශීය භාෂා වලින් පැමිනි වචන සහ නම් කතකනා අක්ෂර වලින් ලියයි. මෙයද අකුරු 46න් සමන්විත වේ. * ජපන් බස ඉග...