Skip to main content

Jango (last.fm වලට ආදේශකයක්)

Jango කියන්නේ මේ දිනවල මම නිතරම යන එන වෙබ් සයිට් එකක්. සිංදු අහන්න, download කරන්න, last.fm එක වගේ profile හදන්න, artist ගෙ සිංදු අහන ගමන් ඒවයේ lyrics-photoes-vedioes බලන්න, last.fm වගේ radio station හදාගන්න වගේ මෙකි නොකී සෑම දෙයක්ම මෙමඟින් කරගන්න පුළුවන්. download ගැන කතා කරනවානම් මම ඉස්සර පාවිච්චි කරපු ලයිම්වය‍ර්, mp3raid වගේ සයිට් දැන් පාවිච්චි කරන්නෙම නෑ. මොකද ඒ ඔක්කොමට වඩා ඉතා ලේසියෙන් jango එකෙන් ඒක කර ගන්න පුළුවන් නිසා. තවත් මං කැමතිම දෙයක් තමා jango එකෙන් මගෙ mail එකට එවන news letter එක. මගේ station වල ඉන්න artist කෙනෙකුගෙ යම් අලුත් ගීතයක් හෝ ඇල්බමයක් නිකුත් වීමත් සමඟ එය මට මේ news letter එක මඟින් දැනුම් දෙනවා.

මේ මගේ Hip Hop සහ Rock station දෙක


















Station වලට ආර්ටිස්ට්ලව ඇඩ් කරන්න තියෙන්නෙ මේ විදියට



download කරන්න විශේෂයෙන් ඉඩක් නැති වුවත් මගෙ IDM එකෙන් මේ වගෙ ඕනෑම ගීතයක් download කරල දෙනවා.


මෙහිදී යම් artist කෙනුකුගේ page එකකට ගියහම සමහර ගීත අපට කැමති පරිදි වාදනය කිරීමට නොහැකි ලෙස පෙන්නනවා. එවිට ඔබට අවශ්‍ය එම ගීතයේ lyrics වෙත ගොස් එහි ඇති Listen Now ක්ලික් කරන්න. එවිට එය වාදනය වෙනවා. මට last.fm account එකක් තිබ්බත් මේ Jango ඊට වඩා හොඳයි කියල හිතුනවා. මේ තියෙන්නේ Jango Profile එක. ඔබත් try කරලා බලන්න.

Comments

budhajeewa said…
කෝ බලන්න ඒකත් ට්‍රයි කරලා.
Indranama said…
කෝ චම්පික අයියෙ මේකෙ එකවුන්ට් හදන්න දෙන්නෙ නෑ නෙ. Sign Up ලින්ක් එක ක්ලික් කලාට මුකුත් වෙන්නෙ නෑ :(
Unknown said…
@ ප්‍රවීන් ඉන්ද්‍රනාම, එහෙම යන්න අමාරුනම් ඉස්සෙල්ලා ආටිස්ට් කෙනෙකුව තෝරලා ඇතුලට ගිහිල්ලා එතනින් sign up වෙන්න.හැබැයි මගේනම් එක පාරට ගියා වගේ මතකයි.

Popular posts from this blog

උෂ්නත්වය සහ රාත්‍රී නින්ද (සහ මගෙ ඇඳ)

මේ දවස්වල මාර රස්නෙයි. මං මදුරුවො කනවට නෙට් එකක් දාගෙන නිදාගන්නෙ. තවත් රස්නෙයි. ඉතින් ඔය දෙකම එකතු උනාම නිදාගන්නෙ කොහොමද? fan එක කෙස් ගලවගෙන යන සයිස් එකට දැම්මත් අමාරුයි. මාරම රස්නයක්. හැබැයි ඉතින් සෙට්වෙලා ආපු දවසකට නම් කිසි ප්‍රශ්ණයක් නෑ. බබා වගේ නිදි. ඔය වගෙ මේ ලඟදි සෙට් වෙච්ච දවසක උදෙ නැගිටල බලපුවාම් ඇඳුම් පිටින්ම නිදි. අම්ම ඇවිල්ලා අහනවා "------- උඹ ඊයෙ ගෙදර ආවේ කොහොමද කියලා?" මම මතක් කලා මතක් කලා අම්මට ආපු හැටි කියන්න. ඒත් ඒ වෙලාවෙ මතක් උනේ නෑ :) . හැබැයි ඔහොම හැමදාම වෙන්නෙත් නෑ. එදා සුට්ටක් වැඩි වෙලා.                       මම නිදාගන්නෙත් අමුතු විදියකට(හැමෝම එහෙමද දන්නෙ නෑ) මට ඔලුවට කොට්ටයකුයි, කකුල් දෙක අස්සෙ ගහන්න තව කොට්ටයකුයි ඕනෙ. එහෙම කරන්නෙ පැත්තට හැරිලා නිදා ගන්නකොට කොන්දට එන ප්‍රෙෂර් එක අඩු කර ගන්න. පොඩි කාලෙ රගර් ගහල කොන්දෙ පොඩි අප්සෙට් එකක් තියෙනවා. හැබැයි ඒක තාම කෙලින්. ඒ වාගෙම තමයි රෑට සිංදු අහල headphone එක තියන්නත් ඇදෙ මම පොඩි ඉඩක් හදාගෙන ඉන්නෙ. කොච්චර නින්ද ගියත් කවදාවත් එක තියන තැනට අතවත් යන්නෙ නෑ. headphone එක කවදාවත් ඇඳෙන් වැටිලත් නෑ. එතනම තමයි මොබ

Google Wave 16යි. ඒවා හරිම ලාබයි.

මට Google Wave එකක් හම්බඋනේ දැන මාසයකට විතර උඩදී. සුදාරක මල්ලී තමයි මට invitation එක එවලා තිබුනේ. ඉතින් මට ඕක ලැබිච්ච දවසෙ ඉඳන් මාත් බලන් ඉන්නෙ කාට හරි මගෙ ගානෙ invitation එකක් යවන්නෙ කොහොමද කියලා. මේ ලඟදි wave account එකට ලොග් වෙලා බලද්දී මටත් ඇවිල්ල තිබ්බා ඔය invitation යවන්න පුළුවන් කියන මැසේජ් එක. ඉතින් හරී.. සතුටුයි. ඉතින් ඕක දැක්ක වෙලේ ඉඳන් වටේටම කෝල් ගැහුවා. ඕනෙද කියල අහන්න. මම හිතුවෙ උණු කැවුම් වගෙ යයි කියලා. මොන, මුංගෙ ආඩම්බර. එකෙක්ටවත් එපාලු. එක්කො උන්ට හම්බ වෙලා. නැත්තම් එක එකා කියන ඒවා අහල දාලා බලන්නත් ඉස්සෙල්ලා එපාලු. කාට කියන්නද. තාම එකක්වත් දිගන්න බැරි උනා. facebook twitter වලටත් දැම්මා. ඒත් නෑ. ඉතින් බැරිම තැන තමයි මේ බ්ලොග් එකට දාන්න හිතුවෙ. අනේ කවුරු හරි ඕන එකෙක් ඉන්නවනම් මේල් එක දාලා කොමෙන්ට එකක් දාන්න ප්ලීස්. 8ම දෙනවා.   8යි නෙමෙයි 16යි(පස්සෙ දැක්කෙ).

දැන් blogger templete හදන්න පට්ට ලේසියි

දැන් blogger templete අපිටම කියල හදාගන්න පුළුවන්. මාර ලේසියි. දෙන්නෙත් blogger site එකෙන්ම තමයි. හැබැයි sighn in වෙන්න ඕනෙ blogger in draft account එකෙන්. හිතන්න දෙයක් නෑ. blogger account එකක් තියෙනවනම් නිකම්ම මේකට යන්න පුළුවන්. යන්න මෙතනින් . ඊට පස්සෙ Layout > Page Elements වලට. ගියහම ඇති Template Desighner කියල tab එකක්. යන්න ඒකට. ඊට පස්සෙ වෙන දේ මම ලියල කියනවට වඩා මේ වීඩියොව බැලුවම ලේසියෙන් දැන ගන්න පුළුවන්. මට නම මාර happy. මම උග්‍ර blogger fan කෙනෙක්. හැබැයි තාම අත්හද බලන්න බැරි උනා. මාර busy. 7455