Skip to main content

ගියෙ පොත් බලන්න.. ඒත්


ඊයෙ ගියා book fair එක බලන්න. මාරම සෙනගක්. පොත් කඩත් ගොඩායි. බලන බලන තැන්වල මිනිස්සු පොත් ගන්නවා, කනවා, බොනවා ඒ අස්සෙන් ජොඩු ජෝඩු. හරියට නිකම් කානිවල් එකක් වගේ. පොත් දෙක තුනකුත් ගත්ත. මාර චාටරේ මගදී වැස්ස පටන් ගත්තා. අන්තිමයි. හැබැයි ඒකෙන් සෙනඟ ටිකක් අඩු උනා. හවස් ජාමෙ ඇවිදලා ඇවිදලා අමාරු හින්දා පොඩි බයිට් කෑල්ලකුත් හප හප ටිකක් වාඩිවෙලා හිටියා. මෙන්න එතකොට තමයි මේ සීන් එක උනේ.

ලාවට වගෙ පොඩි තබ්ලා පාරක් ඇහුනා. ඒත් එක්කම මාර අත්පුඩි පාරකුත් ඇහුනා. ඉතින් නිකමට වගේ ගිහින් බැලුවා.


සෙනඟ පිරිලා පොඩි පැදුරු පාටියක් වගෙ එකක්. හම්මට සිරි ගිය සෙනසුරාදා ස්වර්ණවාහිණියේ මියුසිකල් ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ල හිටිය තබ්ල ගහන කොල්ල ඉන්නෙ.(නම නම් මතක් නෑ) ඒත් එක්කම පොඩි කෑලි හතක අටක පොඩි ගෲප් එකක්.  තනිකර ඉන්දියානු සම්භාව්‍ය සංගීතයම තමයි play කලේ. හැබැයි මේක නොකියම බෑ. ඒ show එක තමයි මම බලපු හොඳම සංගීත ප්‍රසංගය. අර තබ්ල ගහන ශිල්පියා නම් මරේ මරු. ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි එයා තබ්ලා solo එකක් කලා. පට්ට! ඒ අස්සෙම අපි වෙනුවෙන් අපි ගීතය ගායනා කරන ගායකයත් ඇවිල්ල හිටියා(එයාගෙ නමත් මතක නෑ) ඔහු අපි වෙනුවෙන් අපි පොඩි කෑල්ලක් කියන කොටම එතන හිටය මිනිස්සු ඔක්කම නැගිට්ටා නිකං ජාතික ගීතයට වගෙ. ඒ වෙලාවෙනම් මාර හැඟීමක් ආවා හිතට. ඒ වගෙම ඔහු පරණ හිංදි හිට්ස් ටිකක් play කලා නිකම් මොහොමඩ් රාෆි යලි ඉපදිලා වගේ. පට්ට! ඒකනම් මාරම show එක. මාත් එක්ක හිටිය අනිත් උන්ටත් එහෙමයි. එකෙක් අස්සෙන් අස්සෙන් ගිහිල්ලා ඔක්කොම artist ලට අතට අතදීලා කාඩ් එකකුත් ඉල්ලන් ආවේ. හරියට ලඟදිම පාටියක් සෙට් කරන්න වගේ.

ඒකනම් මාරම show එක. මම මේ කල්පනා කරන්නෙ ඒ show එක නිකම් මේ යන එන ගමන් අහන්න නැතිව හොඳ පුටුවක ඉඳගෙන, මධුවිත පානය කරන ගමන් සහ අපෙ සෙට් එකෙ අනිත් උනුත් එක්කම අහන්න ලැබුනානම් කොච්චර හොඳද කියල. හැබැයි ඒ එව්ව මෙව්ව මුකුත් නැතත් හොඳට රසවින්දා.

Comments

Popular posts from this blog

Google Wave 16යි. ඒවා හරිම ලාබයි.

මට Google Wave එකක් හම්බඋනේ දැන මාසයකට විතර උඩදී. සුදාරක මල්ලී තමයි මට invitation එක එවලා තිබුනේ. ඉතින් මට ඕක ලැබිච්ච දවසෙ ඉඳන් මාත් බලන් ඉන්නෙ කාට හරි මගෙ ගානෙ invitation එකක් යවන්නෙ කොහොමද කියලා. මේ ලඟදි wave account එකට ලොග් වෙලා බලද්දී මටත් ඇවිල්ල තිබ්බා ඔය invitation යවන්න පුළුවන් කියන මැසේජ් එක. ඉතින් හරී.. සතුටුයි. ඉතින් ඕක දැක්ක වෙලේ ඉඳන් වටේටම කෝල් ගැහුවා. ඕනෙද කියල අහන්න. මම හිතුවෙ උණු කැවුම් වගෙ යයි කියලා. මොන, මුංගෙ ආඩම්බර. එකෙක්ටවත් එපාලු. එක්කො උන්ට හම්බ වෙලා. නැත්තම් එක එකා කියන ඒවා අහල දාලා බලන්නත් ඉස්සෙල්ලා එපාලු. කාට කියන්නද. තාම එකක්වත් දිගන්න බැරි උනා. facebook twitter වලටත් දැම්මා. ඒත් නෑ. ඉතින් බැරිම තැන තමයි මේ බ්ලොග් එකට දාන්න හිතුවෙ. අනේ කවුරු හරි ඕන එකෙක් ඉන්නවනම් මේල් එක දාලා කොමෙන්ට එකක් දාන්න ප්ලීස්. 8ම දෙනවා.   8යි නෙමෙයි 16යි(පස්සෙ දැක්කෙ).

දැන් blogger templete හදන්න පට්ට ලේසියි

දැන් blogger templete අපිටම කියල හදාගන්න පුළුවන්. මාර ලේසියි. දෙන්නෙත් blogger site එකෙන්ම තමයි. හැබැයි sighn in වෙන්න ඕනෙ blogger in draft account එකෙන්. හිතන්න දෙයක් නෑ. blogger account එකක් තියෙනවනම් නිකම්ම මේකට යන්න පුළුවන්. යන්න මෙතනින් . ඊට පස්සෙ Layout > Page Elements වලට. ගියහම ඇති Template Desighner කියල tab එකක්. යන්න ඒකට. ඊට පස්සෙ වෙන දේ මම ලියල කියනවට වඩා මේ වීඩියොව බැලුවම ලේසියෙන් දැන ගන්න පුළුවන්. මට නම මාර happy. මම උග්‍ර blogger fan කෙනෙක්. හැබැයි තාම අත්හද බලන්න බැරි උනා. මාර busy. 7455

මැයි 25 සහ 18

මැයි මාසය මගේ ජීවිතයට ඉතා වැදගත් මාසයක්. ප්‍රධාන හේතුවනම්, මගෙ උපන් දිනය මැයි 25 වන දින වීම්. (ඒ කියන්නෙ ඊයෙ. දැන් මට 31 යි) දෙවන කාරනය තමයි මැයි 18. මැයි 18 කියපුවහම ලොකු කුඩා ඕන කෙනෙක් දන්නවා ඒ දවසේ වැදගත්කම. ඒ අපේ මාතෘභූමිය නිදහස් වූ දිනය( මම නම් දකින්නේ ඒ විදියට). නමුත් මට නම් මැයි 18 දිනට තවත් විශේෂ කාරණයක් යෙදී තිබෙනවා. ඒ තමයි මම විවාහ වූ දිනය. මේ අවුරුද්දේ අපි සැමරුවේ අපේ තෙවන සංවස්තරය. විවාහය සිදුවූයේ 2006 මැයි 18 දින(ඒකට වසර 7ක් බලන් හිටියා). අපේ ප්‍රේමය පටන්ගන්න අඩිතාලම වැටුනෙත් මැයි මාසයේදි. ඒ වෙසක් බලන්න ගිහිල්ලා. මම වැඩිදුර අධ්‍යාපනය සඳහා ජපානය බලා ගියෙත් මැයි මාසේ. ඒ 20 වෙනිදා. අධ්‍යාපන කටයුතු ඉවරවෙලා ආයෙත් ලංකාවට ආවෙත් මැයි මාසේ. ඒ 18 වෙනිදා. ඉතින් 18යි 25යි මැයි මාසෙයි මායි ඔන්න ඔහොමයි.