James Blunt කියන්නෙ මම ඉතා ආස කරන බටහිර ගායකයෙක්. මම ඉස්සලම ඔහුව අඳුරගත්තේ You're Beautiful කියන ගීතයෙන්. ඔහු ඉතා හොඳ තාත්විකවාදී ගායකයෙක්. ඔහුගේ සෑම ගීතයකටම වගේ මම ප්‍රිය කරනවා. ඒ අතරින් No Bravery කියන ගීතයට මම ගොඩක් ආසයි. මට ඒ ගීතය කොච්චර හිතට ඇල්ලුවද කියනවනම්, මම ඒ ගීතය ඇසුරින් wallpaper එකකුත් හැදුවා. (මේ යට තියෙන්නෙ ඒක) No Bravery ගීතය jango වෙබ් අඩවියෙන් ඇසීමට මෙතන click කරන්න. lyrics සඳහා මෙතනට ගොස් බලන්න. එහි වීඩියෝව(Youtube) මෙතනින් බලන්න. රසවිඳින්න.
මේ දවස්වල මාර රස්නෙයි. මං මදුරුවො කනවට නෙට් එකක් දාගෙන නිදාගන්නෙ. තවත් රස්නෙයි. ඉතින් ඔය දෙකම එකතු උනාම නිදාගන්නෙ කොහොමද? fan එක කෙස් ගලවගෙන යන සයිස් එකට දැම්මත් අමාරුයි. මාරම රස්නයක්. හැබැයි ඉතින් සෙට්වෙලා ආපු දවසකට නම් කිසි ප්‍රශ්ණයක් නෑ. බබා වගේ නිදි. ඔය වගෙ මේ ලඟදි සෙට් වෙච්ච දවසක උදෙ නැගිටල බලපුවාම් ඇඳුම් පිටින්ම නිදි. අම්ම ඇවිල්ලා අහනවා "------- උඹ ඊයෙ ගෙදර ආවේ කොහොමද කියලා?" මම මතක් කලා මතක් කලා අම්මට ආපු හැටි කියන්න. ඒත් ඒ වෙලාවෙ මතක් උනේ නෑ :) . හැබැයි ඔහොම හැමදාම වෙන්නෙත් නෑ. එදා සුට්ටක් වැඩි වෙලා. මම නිදාගන්නෙත් අමුතු විදියකට(හැමෝම එහෙමද දන්නෙ නෑ) මට ඔලුවට කොට්ටයකුයි, කකුල් දෙක අස්සෙ ගහන්න තව කොට්ටයකුයි ඕනෙ. එහෙම කරන්නෙ පැත්තට හැරිලා නිදා ගන්නකොට කොන්දට එන ප්‍රෙෂර් එක අඩු කර ගන්න. පොඩි කාලෙ රගර් ගහල කොන්දෙ පොඩි අප්සෙට් එකක් තියෙනවා. හැබැයි ඒක තාම කෙලින්. ඒ වාගෙම තමයි රෑට සිංදු අහල headphone එක තියන්නත් ඇදෙ මම පොඩි ඉඩක් හදාගෙන ඉන්නෙ. කොච්චර නින්ද ගියත් කවදාවත් එක තියන තැනට අතවත් යන්නෙ නෑ. headphone එක කවදාවත් ඇඳෙන් වැටිලත් නෑ. එතනම තමයි මොබ
Comments
@ පැතා- ඊයෙ වැඩක් තිබ්බෙ නෑ බං
@ -බිன்ku- මම් ඒකට කැමති නෑ. James Blunt ඔය සිංදුව කියල තියෙන්නෙ සුද්දන්ට. ඒ උනාට ඒ වීඩියෝ එකෙ ඒක නිකම් කල්ලන්ට කිව්ව වගෙ කරලා.